Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග මේ මස 8 වැනිදා (ඉරිදා) මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැත්වෙයි. වෙළෙඳ සේවා තරගාවලියේ ඉහළම තරගකාරීත්වයකින් යුත් සුපර් ලීග් තරගාවලියේ කාන්තා සහ පිරිමි අවසන් මහ තරග දෙකත් ඇතුළුව අවසන් මහ තරග 6 ක් එදින පැවැත්වෙයි.
මෙම අවසන් මහ තරග 6 න් අවසන් මහ තරග 4 කටම සුදුසුකම් ලබාගැනීමට මැලිබන් පුද්ගලික සමාගමේ කණ්ඩායම් 4 ක් සමත්ව සිටිති.
වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියට ප්රවීණයන්ගේ තරග මෙන්ම ශූරතා තරගාවලිය ඇතුළත් කර ඇත්තේ පළමු වතාවටය. කලින් පැවති කාන්තා ශූරතාවලියේ අවසන් මහ තරගය ජයගැනීමට ඔමේගාලයින් කාන්තාවෝ සමත් වූහ.
8 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරග පහත පරිදි වෙයි
■ ඒ කාණ්ඩයේ (කාන්තා) අවසන් මහ තරගය
මවතගම මාස් කැෂුවලයින් සහ අවිස්සාවේල්ල බ්රැන්ඩික්ස් අපරල් සොලියුෂන් කණ්ඩායම් අතර
මවතගම මාස් කැෂුවලයින් කණ්ඩායම
අවිස්සාවේල්ල බ්රැන්ඩික්ස් අපරල් සොලියුෂන් කණ්ඩායම
■ ඒ කාණ්ඩයේ (පිරිමි) අවසන් මහ තරගය
මැලිබන් කණ්ඩායම සහ ටීජේ ලංකා පුද්ගලික කණ්ඩායම් අතර
මැලිබන් කණ්ඩායම
ටීජේ ලංකා පුද්ගලික කණ්ඩායම
■ පිරිමි ශූරතාවලියේ අවසන් මහ තරගය
ඕබර්න්ට් ලංකා පුද්ගලික සමාගම සහ බලංගොඩ මාස් ක්රීඩා කණ්ඩායම් අතර
ඕබර්න්ට් ලංකා පුද්ගලික සමාගම
බලංගොඩ මාස් ක්රීඩා කණ්ඩායම
■ සුපර් ලීග් (කාන්තා) අවසන් මහ තරගය
මැලිබන් කණ්ඩායම සහ හයිද්රාමනී ඇපරල්ස් කණ්ඩායම් අතර
මැලිබන් කණ්ඩායම
හයිද්රාමනී ඇපරල්ස් කණ්ඩායම
■ සුපර් ලීග් (පිරිමි) අවසන් මහ තරගය
මැලිබන් කණ්ඩායම සහ ඕෂන් ලංකා කණ්ඩායම් අතර
මැලිබන් කණ්ඩායම
ඕෂන් ලංකා කණ්ඩායම
■ ප්රවීණයන්ගේ අවසන් මහ තරගය
මැලිබන් කණ්ඩායම සහ ඕබර්න්ට් ලංකා කණ්ඩායම් අතර
මැලිබන් කණ්ඩායම
ඕබර්න්ට් ලංකා කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.