Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවිෂ්කගේ ශතකය ශ්‍රී ලංකා නැඟී එන පිල දිනවයි

අවිෂ්කගේ ශතකය ශ්‍රී ලංකා නැඟී එන පිල දිනවයි

editorial - 2023 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ආසියානු ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඊයේ (13 වැනිදා) පැවැති තරගයකදී බංග්ලාදේශ නැඟී එන කණ්ඩායමට එරෙහිව ලකුණු 48 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 350 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ නැඟී එන කණ්ඩායමට ඕවර 48.3 ක් ආවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 301 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීම්හි  නිරත වූ දුෂාන් හේමන්ත ලකුණු 54 කට කඩුලු 3 ක්ද, ප්‍රමෝද් මධුෂාන් ලකුණු 50 කට කඩුලු 3 ක්ද දවාගත් අතර සහන් ආරච්චිගේ ලකුණු 62 කට කඩුලු 2 ක් බිඳහෙළීය. 

ටැන්සිඩ් හසන් (51) සහඑ සයිෆ් හසන් (53) බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර පන්දු 39 කදී වාර්තා වූ ටැන්සිඩ්ගේ ඉනිම හතරේ පහර 11 කින්ද, පන්දු 46 කදී වාර්තා වූ සයිෆ්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සමත්විත විය. සෞම්‍ය සාකර් පන්දු 46 කින් ලකුණු 42 ක් රැසකළේ හතරේ පහර 6 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුව් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම, ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 349 ක් රැස්කළේය. එහිදී විශිෂ්ඨ පිතිහරඹ්‍යක නිරත වූ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 124 කට මුහුණ දෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 133 ක් රැස්කරමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. 

පළමු කඩුල්ල සඳහා ලසිත් කෲස්පුල්ලේ (31) සමග එක්ව ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අවිෂ්ක, ඉන් නොනැවතී දෙවැනි කඩුල්ල සඳහා මිනෝද් භානුක (57) සමග එක්ව ලකුණු 125 ක්ද, සිවුවැනි කඩුල්ල සඳහා පසිඳු සූරියබණ්ඩාර (43) සමග එක්ව ලකුණු 75 ක්ද එක් කරමින් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ ඉනිම ගොඩනැගුවේය. 

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ අෂේන් බණ්ඩාර පන්දු 25 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 35 ක්ද, නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 31 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 350 සීමාව ආසන්නයටම ගෙන ගියහ. 

ශ්‍රී ලංකා නැඟී එන පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 349 
(අවිෂ්ක ප්‍රනාන්දු 133, ලසිත් කෲස්පුල්ලේ 31, මිනෝද් භානුක 57, පසිඳු සූරියබණ්ඩාර 43, අෂේන් බණ්ඩාර 35, දුනිත් වෙල්ලාලගේ 31, සෞම්‍ය සාකර් 52/3, රිපෝන් මොන්ඩල් 71/3) 

බංග්ලාදේශ නැඟී එන පිල - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 301 
(මොහොමඩ් නයීම් 22, ටැන්සිඩ් හසන් 51, සාකිර් හසන් 26, සයිෆ් හසන් 53, සෞම්‍ය සාකර් 42, මෙහෙදි හසන් 31, රකිබුල් හසන් 40, ප්‍රමෝද් මධුෂාන් 50/3, දුෂාන් හේමන්ත 54/3, සහන් ආරාච්චිගේ 62/2) 

 


අදහස් (0)

අවිෂ්කගේ ශතකය ශ්‍රී ලංකා නැඟී එන පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.