Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹදී පැවැත්වෙන අන්තර්ජාතික ටෙනිස් සම්මේලන කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේ බාලක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අවින්ද්‍ර පෙරේරා සමත් විය.
අද (21 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී වට 2-0 ක් ලෙස (6/4, 6/4) ඉන්දියාවේ පියුෂ් සුරේන්ද්‍ර සලේකාර් පරාජය කරමින් අවින්ද්‍ර පෙරේරා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ඒ අනුව හෙට (22 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව තරගයේදී ජපානයේ කෙන්ජිරෝ ශිමිසුට එරෙහිව අවින්ද්‍ර තරග බිමට පිවිසීමට නියමිතය.
මූලික වටයේදී වට 2-0 ක් ලෙස (6/3, 6/1) වියට්නාමයේ ටූලේ ඛාන්ඩුයි පරාජය කරමින් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අවින්ද්‍ර, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ එහිදී වට 2-0 ක් ලෙස (6/2, 6/2) චීන තායිපේහි චින් ශෙන්ග් චුවාන්ග් පරාජය කරමිනි.
මෙම තරගාවලියේම අද පැවැති බාලිකා පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජය ලබා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සවිනි ජයසූරිය සමත් වූවාය. එම තරයේදී සවිනි හමුවේ චීන තායිපේහි වෙයි නින්ග් ෆෑන්ග් තරග වට 2-0 ක් ලෙස (6/4, 6/2) පරාජයට පත්වූවාය.
හෙට පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී මැලේසියාවේ සාරා නායර්ට එරෙහිව සවිනි තරග බිමට පිවිසීමට නියමිතය. මූලික වටයේදී තරග වට 2-0 ක් ලෙස (6/1, 6/3) ජපානයේ කයීඬේ හටානෝ පරාජය කරමින් සවිනි ජයසූරිය පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය.
රටවල් 15 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වී සිටින මෙම තරගාවලිය මේ මස 24 වැනිදා දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.