Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී නිමාව දුටු 6 වැනි සීගිරි රැළි ක්‍රොස් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා සහ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සහ ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද් සමත්වූහ.
ශෙහාන් සී. අධිකාරි සහ ළහිරු ජීවන්ත නියෝජනය කරන ‘එක්සයිඞ්’ කණ්ඩායම තරගාවලියේ යතුරුපැදි කණ්ඩායම් ශූරතාව දිනාගත් අතර අශාන් සිල්වා සහ මිස්සක නවීන් නියෝජනය කරන ‘මාග්නි රේසිං’ කණ්ඩායම මෝටර් රථ කණ්ඩායම් ශූරතාව දිනාගත්තේය.
තරගකරුවන් වැඩි ප‍්‍රමාණයක් සහභාගීවීම නිසා ප‍්‍රථම වරට එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ පළමු මෝටර් රථ තරගය අදියර 2 කින් පැවැත්වූණු අතර පළමු අදියරේ ජය පසිදු පීරිස්ටත්, දෙවැනි අදියරේ ජය අශාන් සිල්වාටත් හිමිවිය. කෙසේ වුවත් හොඳම තරග නිමි කාලය අනුව සමස්ත තරගය ජය ගැනීමට පසිදු පීරිස් සමත්විය.
පළමු තරගයේදී හොඳම කාලයන් වාර්තා කළ කී‍්‍රඩකයන් 8 දෙනා පමණක් දෙවැනි තරගයට සහභාගිවීමට සුදුසුකම් ලැබූ අතර අරවින්ද පේ‍්‍රමදාස, දිනේෂ් දෙහෙරගොඩ, ජනක ඩයස් වැනි ප‍්‍රබල කී‍්‍රඩකයන් සහ පළමු තරගය ජයගත් පසිඳු පීරිස්ද පසුපසට ඇද දමමින් ජය වාර්තා කළ අශාන් සිල්වා තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා බවට පත්විය.
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් පළමු යතුරුපැදි තරගය ජයගත් ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද්, දෙවැනි තරගය දෙවැනියා ලෙස නිමා කරමින් තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ධාවකයාට හිමි කුසලානය දිනාගත්තේය.
ජාතික මොටොක්‍රොස් ශූර ගයාන් සඳරුවන් පළමු යතුරුපැදි තරගයේ දෙවැනි ස්ථානය දිනාගත්තද, දෙවැනි තරගය නිමා කළ පළමු කී‍්‍රඩකයන් තිදෙනා අතරට පැමිණීමට අපොහොසත් විය.
පළමු යතුරුපැදි තරගයේදී අනතුරකට ලක්වීම නිසා ධාවන පථය මත ඇද වැටුණු ගයාන්ගේ ප‍්‍රබලම ප‍්‍රතිවාදියා වන ශෙහාන් සී. අධිකාරි, ඉන්දීය කී‍්‍රඩක කේ. පී. අරවින්ද් පරාජය කරමින් විශිෂ්ට ලෙස දෙවැනි තරගය ජයගත්තේ පැමිණ සිටි නරඹන්නන්ගේ ඔල්වරසන් මැදය.
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරග දෙකම ඉතා පහසුවෙන් ජයගැනීමට ජනක ඩයස් සමත්වූ අතර ප‍්‍රවීණ මෝටර් රථ ධාවක උපුල්වන් සේරසිංහ සමග කළ තියුණු තරගයකින් අනතුරුව එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා සහ සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරග 2 ජයගැනීමට කුෂාන් පීරිස් සමත්විය.
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපිරි යතුරුපැදි තරගයේ ආරම්භයේදී යම් පසුබෑමකට ලක්වුණද, තරගය නිමා වනවිට එම ඉසව්වේ ප‍්‍රබල කී‍්‍රඩකයන් දෙදෙනකු වන උදේෂ් වෙඩිසිංහ සහ සුරාජ් පෙරේරා පසුකරයමින් එහි ජය තමන්සතු කරගැනීමට උදික ශ්‍රීමාල් මලවිගේට හැකිවිය.
වයස අවුරුදු 13 න් පහළ ළමුන් සඳහා සහ වයස අවුරුදු 10 න් පහළ ළමුන් සඳහා පැවැති ජේ. කාණ්ඩයේ තරගයන්හි ජයග‍්‍රහණයන් පිළිවෙළින් වෙනුෂ්ක සිල්වා සහ තාරුක රුමීෂ සතුවූ අතර වයස අවුරුදු 13 න් පහළ තරගකරුවන් සඳහා පැවැති එම්. එක්ස්. කාණ්ඩයේ මොටෝක්‍රොස් යතුරුපැදි තරගයේ ජය ජැක් ගුණවර්ධන සතුවිය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දැක්වීම සඳහා සියැට් සමාගම ඉදිරිපත්ව සිටි අතර ලංකා බැංකුව, එටිසෙලාට්, බ‍්‍රැන්ඞ්ටෙල්, හොන්ඩා සහ මහජන බැංකුව යන සමාගම් සහ ආයතන තරගාවලියේ සම අනුග‍්‍රහකයන් ලෙස කටයුතු කළේය.
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ට‍්‍රයල්)
1 නිහල් විජේරත්න
2 පී. එන්. එදිරිසිංහ
3 කමල් චමින්ද
ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (අවුරුදු 10 න් පහළ)
1 තාරුක රුමීෂ
2 කේසර ගොඩගේ
3 නිසල ජයසුන්දර
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස්
2 උපුල්වන් සේරසිංහ
3 ලලින් කිරින්ද
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපිරි යතුරුපැදි තරගය
1 උදික ශ්‍රීමාල් මලවිගේ
2 සුරාජ් පෙරේරා
3 උදේශ් වෙඩිසිංහ
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (අවුරුදු 13 න් පහළ)
1 වෙනුෂ්ක සිල්වා
2 භානුක රත්නායක
3 සන්දීප් සිල්වා
සන්නද්ධ සේවා (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 සමීර පේ‍්‍රමරත්න
2 මිතුන් ජයසිංක සිගේරා
3 නිහල් විජේරත්න
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 ජනක ඩයස්
2 දමිත් වීරසිංහ
3 නදීර ජිනසේන
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද පළමු යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ට‍්‍රයල්)
1 ශානුක සඳරුවන්
2 ළහිරු ජීවන්ත
3 ආර්. එම්. සෆ්රාස්
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටොක්‍රොස් යතුරුපැදි තරගය
1 ශෙහාන් සී. අධිකාරි
2 සමීර පේ‍්‍රමරත්න
3 මිතුන් ජයසිංක සිගේරා
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 පසිදු පීරිස්
2 අරවින්ද පේ‍්‍රමදාස
3 ජනක ඩයස්
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 මිස්සක නවීන්
2 සකීර් වහබ්
3 මිචෙල් විජේසූරිය
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් පළමු යතුරුපැදි තරගය
1 කේ. පී. අරවින්ද්
2 ගයාන් සඳරුවන්
3 දේෂාන් සොලංකි
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) සමාන්‍ය මෝටර් රථ තරගය
1 රෝහිත රාජපක්ෂ
2 දමිත් වීරසිංහ
3 ගයාන් රත්නායක
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 ජනක ඩයස්
2 ලක්මාල් විජේරත්න
3 නදීර ජිනසේන
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (අවුරුදු 16 න් පහළ)
1 ජැක් ගුණවර්ධන
2 බිනුල කිතලගම
3 කසුන් තාරක
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද දෙවැනි යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ට‍්‍රයල්)
1 ළහිරු ජීවන්ත
2 සම්පත් කුමාර
3 ශාන් තාරක
ට‍්‍රක් සහ ජීීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය
1 සංජය සේදර සෙනරත්
2 ඉන්දු සමරකෝන්
3 බුද්ධික රුක්ලන්ත
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස්
2 උපුල්වන් සේරසිංහ
3 ලලින් කිරින්ද
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා
2 පසිඳු පීරිස්
3 අරවින්ද පේ‍්‍රමදාස
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටොක්‍රොස් දෙවැනි යතුරුපැදි තරගය
1 ශෙහාන් සී. අධිකාරි
2 කේ. පී. අරවින්ද්
3 දේෂාන් සොලංකි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.