Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෝටර් රථ තරගවලට ඉදිරිපත්වීම තහනම් කරමින් මෝටර් රථ ධාවන ශූර අසාන් සිල්වාට ශ්‍රී ලංකා ඔටෝස්පෝර්ට්ස් ඩ‍්‍රයිවර්ස් ඇසෝසියේෂන් ආයතනය විසින් පනවන ලද තහනම ගල්කිස්ස දිසා විනිසුරු ආර්. ඒ. ඞී. ජී. සී. රණවක මහතා විසින් වාරණය කරන ලදී.
මේ දිනවල පැවැත්වෙන මෝටර් රථ තරග සඳහා තරග වැදීමට මෝටර් රථ ශූරයකු වන තම සේවාදායකයාට නොහැකිවන අයුරින් ඔටෝස්පෝර්ට්ස් ඩ‍්‍රයිවර්ස් ඇසෝසියේෂන් විසින් මෙම තරග තහනම පනවා ඇතැයි කියමින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ දිසා විනිසුරුවරයා අදාළ වාරණ නියෝගය නිකුත් කළේය.
ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ පදිංචි අෂාන් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ඔටෝස්පෝර්ට්ස් ඩ‍්‍රයිවර්ස් ඇසෝසියේෂන්හි ලේකම් දිල්හාර ජයවර්ධන, සභාපති යෝගා පෙරේරා, භාණ්ඩාගාරික මහේෂ් ගම්මන්පිල සහ එහි විනය විමර්ශන කොමිෂන් සභා සහ කාරක සභා සාමාජිකයින්ද මෝටර් රේසින් ඇසෝසියේෂන් ආයතනයේ ලේකම් නිමල් ගුණරත්න, සභාපති ඬේවිඞ් ටොඞ්, භාණ්ඩාගාරික ටෝනි ට‍්‍රැන්ෂෙල්, ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පෝර්ට්ස් අතුරු පාලක කමිටුව එහි ලේකම් චූලා රත්වත්ත, සභාපති නවාස් ෆවුසි භාණ්ඩාගාරික සුරේන් කුක් ඇතුළු 17 දෙනකු නම්කොට ඇත.
පෙත්සම්කාර අෂාන් සිල්වා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණයට කරුණු දැනුම් දෙමින් තම සේවාදායකයා පිළිගත් සම්ප‍්‍රදායන් හා නීතිරීති උල්ලංඝනය කරමින් පසුගිය කාලයේ පැවැති මෝටර් රථ තරගවලට ඉදිරිපත්වී ඇතැයි කියමින් වගඋත්තරකරුවන් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් පවත්වා ඇතැයි කීය.
එම පරීක්ෂණයේදී ඔවුන් තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා අතුරින් චෝදනා 7කට ඔහු වරදකරුකොට ඒ එක් චෝදනාවකට රුපියල් 25,000 බැගින් චෝදනා 7ට රුපියල් 2,75,000 ක දඩයක් නියමකොට ඇතැයි දැනුම් දුන් ජනාධිපති නීතිඥවරයා ඊට අමතරව ඔහුට මෝටර් රථ තරගවලට ඉදිරිපත්වීම මාස හයක කාලයකට තහනම් කරමින් තහනමක් පනවා ඇතැයිද කීය.
මෙය තම සේවාදායකයාගේ කී‍්‍රඩා දිවියට මහත් බලපෑමක් ඇති කරන බවත් වගඋත්තරකරුවන් අදාළ තහනම පනවා ඇත්තේ ඉදිරියේ පැවැත්වෙන මෝටර් රථ තරග සඳහා තම සේවාදායකයාට ඉදිරිපත්වීමට නොහැකිවන අන්දමට ද්වේෂ සහගතව යැයි කීය. ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා මෙම තරග තහනම නිසා මෝටර් රථ ධාවන තරගවලට සහභාගිවීමට ඉඩ නොලැබීමෙන් ඔහුට අප‍්‍රතිකකාරී හානියක් වන හෙයින් අදාළ තහනම වාරණය කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා ලබන 23 වැනිදාතෙක් බල පැවැත්වෙන පරිදි වගඋත්තරකරුවන්ට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කළේය.
මේ සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් එදින අධිකරණයට දැනුම් දෙන්නැයි නියම කරමින් විනිසුරුවරයා වගඋත්තරකරුවන්ට සිතාසි ද නිකුත් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.