Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අශුතෝෂ්ගේ පිතිහරඹය දිල්ලි පිල දිනවයි
අයි.පී.එල් - 2025

අශුතෝෂ්ගේ පිතිහරඹය දිල්ලි පිල දිනවයි

editorial - 2025 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අශුතෝෂ් ශර්මාගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර විශාකාපට්නම්හිදී පෙරේදා (24 වැනිදා) පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට දිල්ලි කණ්ඩයම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ක්‍රීඩකයෝ පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 9 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ අශුතෝෂ් ශර්මා පන්දු 31 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 66 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

විප්‍රජ් නිගම් (39) සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අශුතෝෂ් සමත් වූ අතර එහිදී පන්දු 15 කට මුහුණදුන් නිගම් හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. ටි්‍රස්ටන් ස්ටබ්ස් පන්දු 22 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 34 ක් රැස්කළේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 209 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු මිචෙල් මාෂ් පන්දු 36 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 72 ක්ද, නිකලස් පූරන් පන්දු 30 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 75 ක්ද රැස්කළහ. 


ලක්නව් සුපර් ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 209 
(මිචෙල් මාෂ් 72, නිකලස් පූරන් 75, ඩේවිඩ් මිලර් නොදැවී 27, මිචෙල් ස්ටාක් 42/3, කුල්දීප් යාදව් 20/2) 

දිල්ලි කැපිටල් පිල - ඕවර 19.3 කදී කඩුලු 9 ක් දැවී 211 
(ෆෆ් ඩුප්ලෙසි 29, අක්සර් පටේල් 22, ටි්‍රස්ටන් ස්ටබ්ස් 34, අශුතෝෂ් ශර්මා නොදැවී 66, විප්‍රජ් නිගම් 39, ශර්ධුල් ඨාකූර් 19/2, දිග්වේෂ් රාතී 31/2, මනිමාරන් සිද්ධාර්ත් 39/2, රවී බිෂ්නෝයි 53/2) 


 
-036 


අදහස් (0)

අශුතෝෂ්ගේ පිතිහරඹය දිල්ලි පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.