Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අස්ලම් - නිපුනි කේවල ශූරතා දිනති

අස්ලම් - නිපුනි කේවල ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ වසරේ වසර මැද ආධුනික කැරම් ශූරතාවලියේ පිරිමි සහ කාන්තා කේවල ශූරතා දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒ.සී.එම්. අස්ලම් සහ නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ නිපුනි දිල්රුක්‍ෂි සමත් වූහ.

පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එවෝන් වික්‍රමසිංහ පරාජය කරමින් අස්ලම් එම ශූරතාවට හිමිකම් කිවේය. ලකුණු 25/12 ක් ලෙස එම තරගයේ පළමු වටය ජයගත් අස්ලම්, දෙවැනි වටයේදී ලකුණු 25/04 ක පහසු ජයක් ලැබීය.  

නිපුනි දිල්රුක්‍ෂි කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට සමත් වූයේ අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ වින්දි දිලන්යා පරාජය කරමිනි. එම තරගයේ පළමු වටයේදී  ලකුණු 18/25 ක් ලෙස දිලන්යා හමුවේ පරාජයට වුවද, ලකුණු 25/03 ක් සහ 25/20 ක් ලෙස දෙවැනි සහ තෙවැනි වට ජයගනිමින් සමස්ත තරගයේ ජය තමන් සතුකර ගැනීමට නිපුනි සමත් වූවාය.

අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ කවිඳු පැතුම් සහ බවන්ත පන්සිළු පරාජය කරමින් පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිනෙත් දුලක්‍ෂණ සහ එවෝන් වික්‍රමසිංහ සමත් වූහ.

නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ දිල්ශා ප්‍රසාදිනී සහ වින්දි දිලන්යා කාන්තා යුගල ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ යේශානි කෞෂල්යා සහ දේශානි කෞෂල්යා පරාජය කරමිනි.

කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැති මෙම ශූරතාවලිය සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් තරගකරුවන් 350 කට අධික පිරිසක් සහභාගී වූහ.


තරග ප්‍රතිඵල

පිරිමි කේවල
ඒ.සී.එම්. අස්ලම් (ශ්‍රී ලංකා යුද හමුදාව) විසින් තරග වට 2-0 ක් ලෙස එවෝන් වික්‍රමසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) පරාජය කරන ලදි. (25/12, 25/04)

පිරිමි යුගල
දිනෙත් දුලක්‍ෂණ සහ එවෝන් වික්‍රමසිංහ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව) විසින් තරග වට 2-1 ක් ලෙස කවිඳු පැතුම් සහ බවන්ත පන්සිළු (නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය) පරාජය කරන ලදහ. (25/19, 23/24, 25/0)  

කාන්තා කේවල
නිපුනි දිල්රුක්‍ෂි (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) විසින් තරග වට 2-1 ක් ලෙස වින්දි දිලන්යා (නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදි. (18/25, 25/03, 25/20)

කාන්තා යුගල
දිල්ශා ප්‍රසාදිනී සහ වින්දි දිලන්යා (නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය) විසින් තරග වට 2-0 ක් ලෙස යේශානි කෞෂල්යා සහ දේශානි කෞෂල්යා (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදහ. (23/20, 25/07)

 


පිරිමි කේවල ශූරතාවය දිනාගත් ඒ.සී.එම්. අස්ලම් සහ අනුශූරතාවය හිමිකරගත් එවෝන් වික්‍රමසිංහ

 


කාන්තා කේවල ශූරතාවය දිනාගත් නිපුනි දිල්රුක්‍ෂි සහ අනුශූරතාවය හිමිකරගත් වින්දි දිලන්යා

 

 


අදහස් (0)

අස්ලම් - නිපුනි කේවල ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.