Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයට තවමත් එක්දින වරම් දිනා නොමැති ඉමාම් උල් හක් කැඳවීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
පාකිස්තාන තේරීම් කමිටු සභාපති ඉන්සමාම් උල් හක්ගේ ඥාති පුත්‍රයා වන ඉමාම් උල් හක් තවමත් 21 වැනි වියේ පසුවන වමත් ආරම්භක පිතිකරුවෙකි. ඔහු අවසන් වරට සහභාගි වූ පාකිස්තාන පළමු පෙළ තරගයේදී හබීබ් බැංකු කණ්ඩායම වෙනුවෙන් එෆ්.ඒ.ටී.ඒ. කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබාගත්තේය. පාකිස්තාන 23 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් නේපාලයට සහ හොං කොං කණ්ඩායමට එරෙහිව ශතක ලබාගැනීමටද ඉමාම් සමත්ව සිටියි.
පාකිස්තාන එක්දින කණ්ඩායමේ හිටපු නායක අසාර් අලීට සහ වේග පන්දුයවන ක්‍රීඩක වහබ් රියාස්ට මෙම තරගාවලියේදී කණ්ඩායමේ ස්ථාන අහිමිවී ඇති අතර ඉමාම් උල් හක් කණ්ඩායමට කැඳවා ඇත්තේ අසාර් අලීගේ ස්ථානය සඳහාය. එම වෙනස් කම් හැරණු කොට ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වූ පාකිස්තාන සංචිතයට ඇතුළත්ව සිටි සියලුම ක්‍රීඩකයෝ මෙම තරගාවලියට සහභාගි වෙති.
මේ මස 13 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරගයෙන් ශ්‍රී ලංකා - පාකිස්තාන එක්දින තරගාවලිය ආරම්භ වන අතර එහි දෙවැන්න (16 වැනිදා) සහ තෙවැන්න (18 වැනිදා) අබුඩාබිහිදීද, සිවුවැන්න (20 වැනිදා) සහ පස්වැන්න (23 වැනිදා) සාජාහිදීද පැවැත්වේ.
පාකිස්තාන සංචිතය
සෆ්රාස් අහමඞ් (නායක), අහමඞ් ශේෂාඞ්, ෆකාර් සමාන්, මොහොමඞ් හෆීස්, බාබර් අසාම්, ශොයිබ් මලික්, ඉමාඞ් වසීම්, ශඩාබ් ඛාන්, ෆහීම් අෂ්රෆ්, හසන් අලී, මොහොමඞ් අමීර්, රුම්මාන් රායිස්, ජුනේඞ් ඛාන්, හාරිස් සොහේල් සහ ඉමාම් උල් හක්
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.