Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ බ්‍රිස්ටල් නුවරදී ඇතිවූ කිසියම් සිදුවීමක් හේතුවෙන් අත්අඩංගුවට පත්වූ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්, ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ‘අළු බඳුන’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත සංචිතයට ඇතුළත් කිරීමට එරට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට ගත්තද චෝදනා පත්‍ර භාරදීමකින් තොරව පරීක්‍ෂණ පැවැත්වෙන තුරු ස්ටෝක්ස් නිදහස් කර තිබූ අතර එම සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිස්ටල් පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටීම නිසා අළු බඳුන තරගාවලියට ඔහුගේ සහභාගීත්වය සැක සහිත තත්ත්වයක පැවතිණ.
කෙසේ වුවත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අද (27 වැනිදා) මාධ්‍ය වෙත නිකුත් කර ඇති එංගලන්ත සංචිතයට ස්ටෝක්ස්ගේ නම ඇතුළත්ව තිබේ. අළු බඳුන තරගාවලියේදී ඔහු එංගලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙසද කටයුතු කිරීමට නියමිතය.
මැද පෙළ පිතිකරුවන් දෙදෙනෙක් වන ජේම්ස් වින්ස් සහ ගැරී බැලන්ස් අළු බඳුන තරගාවලියේදී නැවතත් එංගලන්ත සංචිතයට කැඳවා සිටින අතර වළලුකර කර ආබාධයකට ලක්ව සිටි වේග පන්දුයවන ක්‍රීඩක මාක් වුඞ්ට සංචිතයේ ස්ථානයක් හිමිවී නැත.
ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත සංචිතයට තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති පා දඟ පන්දුයවන ක්‍රීඩක මේසන් ක්‍රේන් සහ කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස්ද කැඳවා සිටිති. එහෙත් ඔවුන් දෙදෙනා සංචිතයට කැඳවා ඇත්තේ එංගලන්ත කණ්ඩායමේ ප්‍රධානම දඟ පන්දුයවන්නා වන මුයින් අලී සහ කඩුලු රකින ක්‍රීඩක ජෙනී බෙයාස්ට්‍රෝ ආබාධයකට ලක්වුව හොත් ඔවුන්ගේ හිදැස පිරවීම සඳහා පමණක් බවද වාර්තාවේ.
එංගලන්ත සංචිතය
ජෝ රූට් (නායක), බෙන් ස්ටෝක්ස් (උප නායක), ජොනී බෙයාස්ට්‍රෝ ජේම්ස් ඇන්ඩසන්, මුයින් අලී, ජේක් බෝල්, ගැරී බැලන්ස්, ස්ටුවට් බ්‍රෝඞ්, ඇලිස්ටෙයාර් කුක්, මේසන් ක්‍රේන්, බෙන් ෆෝක්ස්, ඬේවිඞ් මැලන්, ක්‍රෙග් ඔවර්ටන්, මාර්ක් ස්ටෝනෙමන්, ජේම්ස් වින්ස් සහ ක්‍රිස් වෝක්ස්
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.