Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආණ්ඩුකාර කුසලාන තරගාවලිය අනිද්දා

ආණ්ඩුකාර කුසලාන තරගාවලිය අනිද්දා

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන තුරඟ තරගාවලි මාලාවේ සිවුවැනි තරගාවලිය වන ‘ආණ්ඩුකාර කුසලාන’ තරගාවලිය අනිද්දා (28 වැනිදා) නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ. තරග 6 කින් සමන්විත වන මෙම තරගාවලියේ ප්‍රධානම තරග දෙක ලෙස ‘ආණ්ඩුකාර කුසලාන’ තරගය සහ ‘රැජින කුසලාන’ තරගය හැදින්විය හැකිය.

දීප්තිකා ජයකොඩි, ගාමිණී ජයරත්න, හසංග ජයරත්න, රියෙන්සි එඞ්වඞ්ස්, පූර්ණි එඞ්වඞ්ස්, ඬේවිඞ් ඇන්තනී, චන්දන සිල්වා, ජේම්ස් මැතිව්, ධනවර්ධන ගුරුගේ, අනුක ද සූසා, එම්. ප්‍රදීපන්, ජේ.ආර්. ඉරුගල් බණ්ඩාර, අනුර දෙල්ගොඩ, අනීතා දොරෙයි, අජන්ත ද සොයිසා, එස් ලෝගනාදන්, එස්. පෙරියසාමි සහ එම්. සුදාගර් යන මහත්ම මහත්මීන් හිමිකාරත්වය දරණ අසුන් 39 දෙනෙක් මෙම තරගාවලියේදී තරග වැදීමට නියමිතය.

තරගාවලියේ ප්‍රධානතම තරගය වන ‘ආණ්ඩුකාර කුසලාන’ තරගය මීටර 1600 ක දුරකින් සමන්විත වන අතර එහිදී අසුන් 12 දෙනෙක් තරග වැදීමට නියමිතය. එම තරගයේ ජයග්‍රාහකයන් අතර බෙදා දීමට නියමිත මුදල රුපියල් දෙලක්ෂ පනස්දහසකි.

ඇවෙන්ටස් (හිමිකරු - ඉරුගල් බණ්ඩාර), බි්‍රලියන්ට් කට් (හිමිකරු - අජන්ත ද සොයිසා), කාල්ටන් (හිමිකරු - අනීතා දොරෙයි), චාර්ලමේන් (හිමිකරු - ජේම්ස් මැතිව්), චුල්බුල් පාණ්ඬේ (ෆියර්ලස් අශ්ව ගාල), මෙහෙරාන් (හිමිකරු - හසංග ජයරත්න), පරුෂ්රාම් (හිමිකරු - ඬේවිඞ් ඇන්තනී), සන්තෝෂ් (හිමිකරුවන් - රියෙන්සි එඞ්වඞ්ස් සහ පූර්ණි එඞ්වඞ්ස්), සිල්වර් ස්ටී්‍රක් (හිමිකාරිණියන් - දීප්තිකා ජයකොඩි සහ පූර්ණි එඞ්වඞ්ස්), ටස්කැනෝ (හිමිකරු - ඬේවිඞ් ඇන්තනී), අල්කසබා (හිමිකාරිණියන් - දීප්තිකා ජයකොඩි සහ පූර්ණි එඞ්වඞ්ස්) සහ ස්පිරිටට් ටච් (ෆියර්ලස් අශ්ව ගාල) මෙවර ‘ආණ්ඩුකාර කුසලාන’ තරගයේදී තරග වැදීමට නියමිත අසුන් වෙති.

ඉකුත් වසරේ පැවැති ‘ආණ්ඩුකාර කුසලාන’ කුසලාන තරගය ජයගැනීමට අල්කසබා වෙළඹ සමත් වූ අතර සිල්වර් ස්ටී්‍රක් සහ චාර්ලමේන් යන අසුන් පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්වූහ. මේ වසරට (2018) අයත් තුරඟ තරගාවලි මාලාවේ මෙතෙක් පැවැති තරගාවලි තුනෙන් දෙකකම ප්‍රධානතම තරග ජයගැනීමට සමත් වූයේද අල්කසබා වෙළඹයි. සන්තෝෂ් අසු සෙසු තරගාවලියේ ප්‍රධානම තරගයෙන් ජය ලැබීය.

‘රැජින කුසලාන’ තරගයද මෙම තරගාවලියේදී පැවැත්වෙන තවත් සුවිශේෂී තරගයකි. අසුන් 8 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම තරගය මීටර් 2000 කින් සමන්විත වේ. එහි ජයග්‍රාහකයන් අතර රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක මුදල් බෙදාදීමට නියමිතය. දීප්තිකා ජයකොඩි මෙනවියගේ රොස්වල්ඞ්, හසංග ජයරත්න මහතාගේ අනදර් ඒස් සහ ෆියර්ලස් අශ්ව ගාලේ සෙලෙස්ටියල් ෆයර් යන අසුන් ‘රැජින කුසලාන’ තරගය ජයගැනීම සඳහා ඉදිරියෙන්ම සිටින අසුන් වෙති.

මෙවර තරගාවලිය සඳහා විදෙස් අසරුවන් 8 දෙනෙක් සහභාගි වන අතර ඊට ඉර්වාන් සිං, ඉම්රාන් ඛාන් සහ ඒ. විෂ්වනාත් ඇතුළු ඉන්දීය අසරුවන් 7 දෙනෙක්ද, චාර්ල්ස් පර්කින්ස් යන ප්‍රංශ අසරුවාද ඇතුළත්ව සිටිති.

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

ආණ්ඩුකාර කුසලාන තරගාවලිය අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.