Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආයෙමත් ‘සුපුරුදු අඳෝනාව’

ආයෙමත් ‘සුපුරුදු අඳෝනාව’

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

ස්කොට්ලන්තයේ ‘ග්ලැස්ගෝ’ නුවරදී දැන් පැවැත්වෙන 20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගිත්වය අවසන් වෙමින් තිබියදී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ හා පුහුණුකරුවන්ගේ ‘සුපුරුදු  අඳෝනාව’ ගැලැස්ගෝ කී‍්‍රඩා ගම්මානයෙන් අසන්නට ලැබුණි.

”පුහුණුව මදි, දේශගුණය අපට අල්ලන්නෙ නෑ. ඒ නිසා අපේ දස්කම් පෙන්වන්න බැරි වුණා” මෙවැනි කරුණු දක්වමින් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ ශ්‍රී ලංකා පරාජය ගැන කනස්සල්ලෙන් ඇතැම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ මාධ්‍යවේදීන්ට අදහස් දැක්වූහ.

‘ග්ලැස්ගෝ’ පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම කී‍්‍රඩක-කී‍්‍රඩිකාවන් 102 කින් සහ නිලධාරීන් 46 දෙනෙකුගෙන් සමන්විත විය.

අන්තර් ජාතික තරගවලදී  ශ්‍රී ලංකා කී‍්‍රඩක-කී‍්‍රඩිකාවන් පරාජයට පත්වන අවස්ථාවලදී ඔවුන් බොහෝ විට නගන චෝදනාවන් වන්නේ පුහුණුවීම් ප‍්‍රමාණවත් නොවන බවය. ඇතැම් විට තරගාවලි පවත්වන රටේ දේශගුණය ද තමන්ට බලපෑම් කරන බව ඔවුන් තවත් මැසිවිල්ලක් ලෙස කියති.

කෙසේ වුවත් ‘ග්ලැස්ගෝ’ නුවරට පැමිණ සිටින ශ්‍රී ලංකාවේ ප‍්‍රවීණතම මලල කී‍්‍රඩා පුහුණුකරුවෙකු පැවසුවේ, එම තර්කය යල් පැන ගිය තර්කයක් බවයි. මෙවැනි ඉහළම මට්ටමේ අන්තර් ජාතික කී‍්‍රඩා උළෙලක සත්කාරය දරන රට ඊට පිළිබඳව තරගාවලියට සහභාගි වන සෙසු රටවල් දැනගන්නේ වසර අටක් තරම් වන දීර්ඝ කාලයක සිට බැවින් එම චෝදනා මුළුමනින්ම වලංගු නොවන බවත් මෙම පුහුණුකරුවා පැවසීය.

”එහෙනම්  ශ්‍රී ලංකාවේ කී‍්‍රඩක-කී‍්‍රඩිකාවන්ට ඉන්දියාව  වගේ අපේ දේශගුණය තිබෙන රටවල් කිහිපයක  හැරෙන්නට  විශේෂයෙන්ම  සීත දේශගුණය පවතින රටවලට ගොස් තරග කරන්න බෑ. පුහුණුවීම් මදි බව ඒ අය චෝදනා කරන්නෙත් තරග වැදීමෙන් පසුවයි. එහෙනම් පුහුණුවීම් වල අඩුපාඩු ඒ අයට කලින්ම පෙනෙන්න  ඕනෑ. ඒ විතරක් නම් ඒ ගැන බලධාරීන් දැනුවත් කිරීමත් ඒ  අයගේ වගකීමක් වෙනවා. මොකද මේ වියදම් කරන්නෙ මහජන මුදල් නිසා”යයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

‘ග්ලැස්ගෝ’ පොදු රද මඩුලූ කී‍්‍රඩා උළෙල හෙට (3) නිමාවට පත්වීමට නියමිතය. මෙවර කී‍්‍රඩා ඉසව් 17කින් සමන්විතව පැවැති කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී ලංකාව කී‍්‍රඩා ඉසව් 13කට තරග වැදුණු අතර එහිදී බර ඉසිලීමෙන් ශ්‍රී ලංකා කී‍්‍රඩක සුදේෂ් පීරිස් දිනාගත්  රිදී පදක්කම මෙවර ශ්‍රී ලංකාව ලබාගත් එකම පදක්කමයි.

රටවල් 71 ක් තරග වැදි මෙවර කී‍්‍රඩා උළෙලේදී ඊයේ (1) දිනය නිමා වනවිට පදක්කම් දිනාගත් රටවල් 35 ක් අතර ශ්‍රී ලංකාව 25 වැනි ස්ථානයේ පසුවිය.

පසුගිය පොදුරද මඩුලූ කී‍්‍රඩා උළෙල තුනකදීම ශ්‍රී ලංකාව පිට පිටම පදක්කම් දිනා ගැනීමට සමත්වූයේ බර ඉසිලීමේ කී‍්‍රඩාවෙන් පමණි. මේ අතර හෙට පැවැත්වෙන සමාරම්භක උත්සවය නැරඹීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඉහළපෙළේ නිලධාරීන් ගණනාවක් ග්ලැස්ගෝ නුවර බලා පැමිණෙමින් තිබූ බවද වාර්තා විය.

 


අදහස් (7)

ආයෙමත් ‘සුපුරුදු අඳෝනාව’

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.