Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට නාවික හමුදාව හා ගුවන් හමුදාව සුදුසුකම් ලබා සිටිති. තරගාවලිය බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණු අතර අවසන් මහා තරගය පැවැත්වෙන දිනය ඉදිරියේදී තීරණය කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.
අවසන් පූර්ව වටයේදී නාවික හමුදා කණ්ඩායම විසින් ගුවන් හමුදා කණ්ඩායම ගෝල 1.0ක් ලෙස පරාජය කරන ලදි. ගුවන් හමුදා පිල පසුගිය වසරේදී මෙම තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායමයි.
දෙවැනි අවසන් පූර්ව තරගයේදී දඩුවම් පහර 5-3ක් ලෙස යුද හමුදා කණ්ඩායම විසින් පොලිස් කණ්ඩායම පරාජය කරන ලදි.
කණ්ඩායමේ 12ක් මෙවර තරගාවලියට සහභාගි වූහ. මූලික වටයේ තරග 12ක් පැවති අතර එහිදී ගම්පහ කී‍්‍රඩා සමාජය විසින් රත්නපුර කී‍්‍රඩා සමාජයට එරෙහිව ලද ගෝල 13-0ක ජය කැපී පෙණුනි.
රත්නපුර කී‍්‍රඩා සමාජයට එරෙහිව යුද හමුදා කණ්ඩායමද ගෝල 12-0ක තවත් ජයග‍්‍රහණයක් ලැබීය.
අර්ධ අවසන් පූර්ව තරග වටය ති‍්‍රව්ද හමුදා හා පොලිස් කණ්ඩායම විසින් ජය ලැබීම විශේෂ තත්වයකි.
ඒ අනුව සිවිල් කී‍්‍රඩා සමාජ වලට මෙවරත් තරගාවලියේ ශූරතාව කොරෙහි බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදු විය.
පොළොන්නරුව, කුරුණෑගල, ගාල්ල, ගගම්පහ, මීගමුව හා වෙන්නප්පුවද මෙවර තරගාවලියට ඉදිරිපත් වී තිබිණ. කුරුණෑගලින් කණ්ඩායම් දෙකක් තරගාවලියට සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.