Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආරම්භක පිතිකරුවා වීමට මහේල සූදානම්

ආරම්භක පිතිකරුවා වීමට මහේල සූදානම්

ශනුක අරවින්ද - 2014 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම කල්තියාම අත්කරගත් පරාජය පිළිබඳ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් දෙදෙනා වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙආකාරයක අදහස් දරති. සංගක්කාරට තරගාවලිය අතරමැදදී ආපසු ඒමට සිදුවී තිබෙන අතර මහේල ආරම්භක පිතිකරුවාගේ බර කරට ගනිමින් කණ්ඩායම සමග ඉදිරියට යාමට සැරසෙයි.

තරගාවලියේ ඉදිරි තරග දෙකින් කුමාර් සංගක්කාර විවේක ගන්වා ඇති බව නියම තත්ත්වය වූවත් තමන් තරගාවලියෙන් ඉවත්ව යන්නේ බලාපොරොත්තු නොවූ ආකාරයෙන් බව නැවතත් ශී‍්‍ර ලංකාව බලා පිටත්ව ඒමට පෙර කුමාර් සංගක්කාර පැවසීය.

”මට ආරම්භක පිතිකරුවාගේ වගකීම බාරදෙනවාද කියන එක ගැන තීරණයක් ගැනීම තේරීම් කමිටුවට බාර දෙයක්. කොහොම වුණත් මා ආරම්භක පිතිකරුවා වීමට කැමතියි”

”2007 ලෝක කුසලාන තරගාවලියේ ඉඳන්ම මට ආරම්භක පිතිකරුවා වෙන්න  ඕනෑ කළා. ඒ විතරක් නෙමෙයි. මම ඒ ගැන තේරීම් කමිටු නිලධාරීන්ටත් කිව්වා. මොකද මම පිතිකරුවෙක් හැටියට (එක්දින තරග වලදී) වැඩිම ලකුණු ලබාගෙන තියෙන්නේ ආරම්භක පිතිකරුවෙක් විදිහටයි” යයිද මහේල ජයවර්ධන පැවසීය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වන බැවින් මහේල ජයවර්ධන මැද පෙළ පිතිකරුවන් අතරේ කී‍්‍රඩා කළ යුතු බව කණ්ඩායම් කළමණාකාරීත්වයේ තීරණය වී තිබේ.

”මගේ තරග දිවියේ ඉතිරි දින කිහිපයේදී මා ආරම්භක පිතිකරුවා වෙලා අපේ මැද පෙළ පිතිකරුවන් සාර්ථක වේවි යයි මා බලාපොරොත්තු වෙනවා” යයි හයිද්‍රාබාද් නුවරින් පිටත්ව යාමට පෙර මහේල ජයවර්ධන පැවසීය.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී කටාක් නුවරදී පැවැති පළමු තරගය ලකුණු 169 කින් පරාජය වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම, අහමදාබාද් සහ හයිද්‍රාබාද් නගර වලදී පැවැති දෙවැනි සහ තුන්වැනි එක්දින තරග දෙකේදීත් ඛේදජනක පරාජයන් දෙකකට මුහුණ දුන්නේය. මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට සතුටු විය හැකි එකම කාරණය වූයේ හයිද්‍රාබාද්හිදී පැවැති තරගයේදී තරගයේ වීරයා සම්මානය මහේල ජයවර්ධනට හිමිවීමයි.

එසේ වුවත් පරාජිත කණ්ඩායමේ ඉඳන් තරගයේ වීරයා සම්මානය ලබාගැනීම තමන්ට ලැජ්ජාවක් බව එම සම්මානය ගැනීමට ගිය අවස්ථාවේදී මහේල ජයවර්ධන පැවසීය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරග 3 ම පරාජය වූයේ විරාට් කෝලි විසින් මෙහෙයවන ලද තරුණ කණ්ඩායමක් හමුවේදීය. ඉන්දීය පිලේ නිත්‍යා නායක මහේන්ද්‍ර සිං දෝනි මෙම තරගාවලියට කී‍්‍රඩා නොකරයි.

තරග තුනෙන් දෙකකදීම කුමාර් සංගක්කාර අසාර්ථක විය. සංගක්කාරගේ ලකුණු ලබාගැනීම වූයේ 13, 61 සහ 0 ක් වශයෙනි. එයින් තුන්වැනි තරගයේදී සංගක්කාර දැවීගියේ මුහුණ දුන් පළමු පන්දුවෙනි. කෙසේ වෙතත් එංගලන්තයට එරෙහිව මේ මස 26 වැනිදා කොළඹදී ආරම්භවන තරග 7 කින් සමන්විත එක්දින තරගාවලියට පොරතුව සංගක්කාර විවේක ගැන්වීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.

”මහේල ඉතාම අලංකාර විදිහට පන්දුවට පහර දුන්නා. විශේෂයෙන්ම අවසන් (3 වැනි) එක්දින තරගයේදී. කවුරු හරි කෙනෙක් දිගින් දිගටම ලකුණු අතර ඉන්නවානම් ඒක හරිම වැදගත්” යයිද සංගක්කාර පැවසීය.

ඉන්දීය කණ්ඩායම ඉන්දියාවේදී පරාජය කිරීම අසීරු අභියෝගයක් බවද සංගක්කාර ඉතාමත් හොඳින් දනී. එබැවින් වඩාත්ම සුදසු වන්නේ විශාල වෙනස්කම් කිරීමට නොයා ඉදිරියේ එන එංගලන්ත සංචාරය වෙනුවෙන් හොඳින් සූදානම් වීමයි.

” ඕනම කණ්ඩායමක් ඔවුන්ගේ භමියේදී පරාජය කිරීම අමාරු දෙයක්. ඔවුන් සෑහෙන කාලයක් තිස්සේ ඒ තත්ත්වයන්ට හුරු වෙලා තියෙන්නේ”

”අපහු හැරිලා බලද්දි කියන්න තියෙන්නේ එක දෙයයි. මේක අපේ මානසික කඩාවැටීමක් නෙමෙයි. ඒත් ඒ තරගකාරීත්වයට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා නෑ. ඒකයි. අනෙක අපි විතරක් නෙමේ අනෙක් අයත් මේ වගේ අමාරු තත්ත්වයන්ට මුහුණ දීලා තියෙනවා”

”ඒ කොහොම වුණත් ලෝකයේ වෙනත් තැනකදී ඉන්දියාව එක්ක ඔට්ටු වෙනවා කියන්නේ වෙනස් දෙයක්. අපි ඒකට සූදානම්” යයිද සංගක්කාර වැඩිදුරටත් පැවසීය.
”අපි හැම වෙලාවෙම උනන්දු වෙන්නේ කිසියම් කණ්ඩායමක් ඔවුන්ගේ රටේදී පරාජය කරන්නයි. ඒත් උනන්දුව විතරක් හරියන්නේ නෑ. ඒ වෙනුවෙන් හොඳ තරග සැලසුමක් තියෙන්න  ඕනෑ. වඩා හොඳ මානසික ස්ථාවරයක් වගේම සූදානමක් තියෙන්නත්  ඕනෑ” යයිද සංගක්කාර පැවසීය.

මෙම තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම තෝරා ගත්තේ පළමු තරග 3 වෙනුවෙන් පමණි. ඒ වන විටත් සංගක්කාරගේ පිටකොන්දේ ආබාධයක් ඉස්මතු වෙමිත් පැවතිණ. මේ වන විට එම ආබාධය සුව අතට හැරෙමින් තිබෙන නමුත් ඉදිරියේ එන දීර්ඝ තරග සමයට පෙර වඩාත් හොඳ විවේකයක් ඔහුට  ඕනෑකර තිබේ. ඒ අතරම සෙසු තරුණ කී‍්‍රඩකයන්ටත් අවස්ථාව දියහැකිය.

”තරගාවලියක් අතරමැදදී කණ්ඩායමෙන් ඉවත්ව යාමට කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවන බව මට විශ්වාසයි. විශේෂයෙන්ම කණ්ඩායම පරදින අවස්ථාවකදී”

”මගේ කණ්ඩායම හැම තිසේසේම දිනනවා දකින්න මම කැමතියි. ඒත් දිගින් දිගටම ලබන පරාජයන් වැලකදී කිසියම් කී‍්‍රඩකයකු ප‍්‍රතිචාර දක්වන විදිය ගැන බලාගන්න  ඕනෑනම් තරගාවලිය අතරමැදදී ඉවත්වීමට සිදුවීම ගැන ලැජ්ජා වෙන්න හෝ කළකිරීමට පත්වෙන්න උවමනා නෑ... ඒ වගේ වෙලාවල යථාර්ථයට මුහුණ දෙන්න අපට සිදු වෙනවා” යයිද සංගක්කාර පැවසීය.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර සිවුවැනි එක්දින තරගය අනිද්දා (13 වැනිදා) කල්කටා නුවර ඊඞ්න් ගාර්ඞ්න්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

 


අදහස් (5)

ආරම්භක පිතිකරුවා වීමට මහේල සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.