Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආරම්භයේදීම ශ්‍රී ලංකාවට පහසු තරගයක්
ආසියානු දැල්පන්දු ශූරතාවලිය

ආරම්භයේදීම ශ්‍රී ලංකාවට පහසු තරගයක්

editorial - 2022 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සිංගප්පූරුව සත්කාරය දරන 12 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර  පළමු තරගය ලබන සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වේ. රටවල් 11 ක් සහභාගීවන 12 වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය වසරක පමාවකින් පසුව ලබන සැප්තැම්බර් 3 වැනිදා සිට 11 වැනිදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්වේ.

මූලික වටය කාණ්ඩ හතරක් යටතේ පැවැත්වේ.  එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන සෙසු රට වන්නේ පිලිපීනයයි.

මෙම තරගාවලියේ වැදගත්කම වන්නේ ශ්‍රී ලංකාව ගිය වර (2018) ශූරියන් ලෙස මෙවර තරගාවලියට ඉදිරිපත්  වෙමින් එය තවදුරටත්  රැක ගැනීමට උත්සාහ දරයි. එලෙසින්ම වසර 2023 දී දකුණු අප්‍රිකාවේ  කේප්ටවුන්හිදී පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට මෙම තරගාවලියේ ශූරියන් හා අනුශූරියන් ආසියානු කලාපයෙන් තෝරාගනු ලැබේ.

ආසියානු කුසලාන තරගාවලිය සඳහා හසංජලී අමරවංශගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම මේ වන විට නිර්දේශ කර අවසන්වී තිබේ.

ශ්‍රී ලංකාව පස්වරක් ආසියානු කුසලාන දිනා තිබේ. අවසන් වරට සිංගප්පූරුවේ දී පැවැති 11 වැනි ආසියානු දැල්පන්දු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව කුසලාන දිනාගත්තේ සත්කාරක සිංගප්පූරුව අවසන් තරගයේ දී ලකුණු 69-50 කින් පරාජයට පත් කරමිනි.

මෙවර තරගාවලියේ මූලික වටය පිරික්සීමේ දී ශ්‍රී ලංකාවට මුණගැසෙන ඉන්දියාව මෙන්ම පිලිපීනය ද ප්‍රබල ප්‍රතිවාදීන් නොවන බැවින් ශ්‍රී ලංකාවට දෙවැනි වටයට බොහෝ පහසුවෙන් ළඟාවීමේ අවස්ථාව හිමිව තිබේ.  2018 තරගාවලියේ දී ශ්‍රී ලංකාව විසින් මූලික වටයේ දී ඉන්දියාව ලකුණු 101-29 ක් තරම් ඉතා පහසුවෙන් පරාජය කර තිබේ.

වසර 2020 දී පැවැත්වීමට නියමිතව තිබියදී කොවිඩ් වසංගතය හේතුවෙන් කල්දමනු
ලැබූ 12 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ සත්කාරය කලින් බාරගෙන තිබුණේ දකුණු කොරියාවයි. 2020 තරගාවලිය අත්හිටුවීමත් සමග ඔවුහු සත්කාරයෙන් ඉවත් වූහ.

1985 දී ආරම්භවූ ආසියානු දැල්පන්දු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හැරෙන්නට සිංගප්පූරුව, මලයාසියාව හා හොංකොං රාජ්‍යය එහි ශූරතා දිනා තිබේ.

12 වැනි ආසියානු දැල්පන්දු කුසලාන තරගාවලියේ මූලික වටයේ දී රටවල් කාණ්ඩවලට බෙදා ඇති අයුරු

‘ඒ’ කාණ්ඩය –
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පිලිපීනය

‘බී’ කාණ්ඩය –
සිංගප්පූරුව, ජපානය සහ මාලදිවයින

‘සී’ කාණ්ඩය
බෲනායි, චීන තායිපේ සහ මලයාසියාව

‘ඩී’ කාණ්ඩය
හොංකොං සහ තායිලන්තය

මූලික වටයේ තරග කාලසටහන
සැප්තැම්බර් 3
සිංගප්පූරුව හා ජපානය අතර,
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර,
බෲනායි හා මලයාසියාව අතර.

සැප්තැම්බර් 4
ඉන්දියාව හා පිලිපීනය අතර,
චීන තායිපේ හා බෲනායි අතර,
මාලදිවයින හා සිංගප්පූරුව අතර,
තායිලන්තය හා හොංකොං අතර.

සැප්තැම්බර් 5
මලයාසියාව හා චීන තායිපේ අතර,
ජපානය හා මාලදිවයින අතර,
ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර.

සැප්තැම්බර් 6 සිට 9 වැනිදා දක්වා - දෙවැනි වටයේ තරග පෙළ
සැප්තැම්බර් 10 – අවසන් පූර්ව හා ශ්‍රේණිගත තරග
සැප්තැම්බර් 11 – අවසන් මහ තරගය


අදහස් (0)

ආරම්භයේදීම ශ්‍රී ලංකාවට පහසු තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.