Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන අතරේ ඇති ප්‍රධානතම ඒකකය පිහිටි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අති නවීන පහසුකම් වලින් සමන්විත පිහිනුම් තටාකයක් අද (22 වැනිදා) විවෘත කරන ලදි. මෙම පිහිනුම් තටාකය මංතීරු 8 කින් සමන්විතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ ආරාධනයෙන්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් මෙම පිහිනුම් තටාකය විවෘත කරන ලදි. මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනුරාධා ඉලේපෙරුම මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තෝ කිහිප දෙනෙක්ම සහභාගී වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෝ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, ක්‍රිකට් අධ්‍යක්ෂ ජෙරම් ජයරත්න, ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය, ජාතික කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක යන මහත්වරු සහ ජාතික කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන ක්‍රියාදාමයට ඇතුළත් ‘ක්‍රිකට් මං පෙත’ වැඩසටහනේ කොටසක් ලෙස ඉදිකරන ලද මෙම පිහිනුම් තටාකයේ දිග මීටර් 25 කි. පළල මීටර් 21 කි. එහි ගැඹුර මීටර් 1.2 සිට 1.8 දක්වා වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම් නියෝජනය කරන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යාමට, තරඟයෙන් පසු ප්‍රකෘති තත්ත්වයට පත්වීමට සහ ආබාධ වලින් අනතුරුව සුපුරුදු ශාරීරික යෝග්‍යතාව ලබාගැනීමටත් මෙම පිහිනුම් තටාකය උපකාරී වනු ඇත. මෙම තටාක සංකීර්ණය පිරිමි සහ කාන්තා ඇඳුම් මාරු කිරීමේ කාමර, ප්‍රථමාධාර පහසුකම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකබලා ගැනීම සහ සුවය ලැබීම සඳහා වන වෘත්තීය පරිසරයක් සහිත අත්‍යවශ්‍ය පහසුකම් වලින් සමන්විත වේ.
මෙම පිහිනුම් තටාකය නිසා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති, කොළඹ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය ජාත්‍යන්තර ප්‍රමිතියට ලඟා වී තිබේ. ඊට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක්, අංගසම්පූර්ණ ව්‍යායාම ශාලාවක්, විදුලි ආලෝකය මධ්‍යයේ පුහුණුවීමේ පහසුකම්, භෞත චිකිත්සක ඒකකයක් මෙන්ම ක්‍රීඩකයන්ගේ කාර්ය සාධන විශ්ලේෂණය සඳහා කෘතිම බුද්ධි ඒකකයක් ද ඇතුළත් වෙයි.
කොළඹ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයයේ මීළඟ සංවර්ධන අදියරේදී ගෘහස්ථ ක්‍රිකට් පුහුණු ශාලාවක් සමග දිය යටදී උණුසුම් දිය දහරාවන්ගෙන් සිරුර සම්භානය කෙරෙන ‘ජැකුසි’ තටාකයකින් සහ ශීත දිය (අයිස්) නාන තටාකයක් ද ඉදිකිරීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.