Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹෙයි

ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹෙයි

Nisanka Sandeepani - 2018 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රටවල් 45 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරුවන් හා නිලධාරීන් 12,000ක් සහභාගි වන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ආරම්භ විය. මෙම තරගාවලිය ක්‍රීඩා 45 ක් අතරේ බෙදී යන ඉසව් 465 කින් සමන්විතය. 

ශ්‍රී ලංකාව එහිදී ක්‍රීඩා 30ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින් 255 දෙනකුගේ කණ්ඩායමක් සහභාගි කර  සිටියි. ක්‍රීඩා උළෙලට සහභාගි වන විවිධ ක්‍රීඩා ඉසව්වලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් කොටසක් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේදී ආචාර පෙළපාළියේ ගමන් ගත් ආකාරය ඡායාරූපයෙන් දැක්වේ. 

ඇමරිකානු ඩොලර් මිලියන 224ක් හෙවත් ඉන්දුනීසියානු රුපියල් බිලියන 869කට ආසන්න මුදලක් යොදවමින් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරය සඳහා ඉන්දුනීසියානු රජය ප්‍රධාන අනුග්‍රාහය දරා තිබේ.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට වැඩිම සහභාගිත්වය සත්කාරක ඉන්දුනීසියාවෙනි. එය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින් 951 කගේ සහභාගිත්වයකි. චීනය 879 දෙනකුගේ කණ්ඩායමක් ඉදිරිපත්කර සිටින අතර, ඉන්දියාව 572 දෙනකු ඊට සහභාගි කරයි.

 


අදහස් (0)

ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.