Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු ශුරතාවලියේ පස්දෙනාම ඇතුළේ

ආසියානු ශුරතාවලියේ පස්දෙනාම ඇතුළේ

සංජය එරමුදුගොඩ - 2013 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන ලෝක මලල කී‍්‍රඩා තරගාවලියේදී මීටර 400 X 4 තරග ඉසව්වට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා අද කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවති තේරීමේ තරගයේදී පසුගියදා පැවැති ආසියානු මලල කී‍්‍රඩා ශුරතාවලියට ගිය ශී‍්‍ර ලංක කී‍්‍රඩකයෝ පස් දෙනාම නැවතත් ශී‍්‍ර ලංකා පිලට ඇතුළත් වූහ. ඔවුන් පස්දෙනාට අමතරව එම්. ජී. සිල්වාද ශී‍්‍ර ලංකා පිලට එක්විය.

පූනේහිදී පැවැති ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේදී ශී‍්‍ර ලංකා පිල ලෝකඩ පදක්කමක් දිනාගත් හෙයින් මෙම තේරීම් තරගය පැවැත්වීම සම්බන්ධයෙන් මලල කී‍්‍රඩා පුහුණුකරුවන්ගේ මෙන්ම නිලධාරීන්ගේද දැඩි විවේචන එල්ල විය.

කසුන් සෙනෙවිරත්න, ඩබ්. ඒ. ආලෝක, ටී. එච්. පි‍්‍රයශාන්ත, ආර්. ජේ. එම්. ජයසේකර සහ වයි. එම්. ගුණරත්න යන කී‍්‍රඩකයෝ ලෝකඩ පදක්කම දිනාගත් ශී‍්‍ර ලංකා පිලේ සාමාජිකයෝ වූහ.

තේරීම් තරගයේ අවස්ථාවක්...

 

අයි. කේ. මධුෂාන් (තත්. 48.82) සහ ටී. සී. එස්. සිරිවර්ධන (තත්. 50.19) දෙදෙනාට ශී‍්‍ර ලංකා පිලට එක්විය නොහැකි විය.

කෙසේ වෙතත් පූනේ තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල නියෝජනය කළ කී‍්‍රඩකයන් සියලූ දෙනාම මොස්කව් ලෝක ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.


සුදුසුකම් ලැබූ කී‍්‍රඩකයෝ

1 කසුන් සෙනෙවිරත්න - තත්. 46.76
2 ඩබ්. ඒ. ආලෝක - තත්. 46.90
3 ටී. එච්. පි‍්‍රයශාන්ත - තත්. 47.31
4 ආර්. ජේ. එම්. ජයසේකර - තත්. 47.35
5 වයි. එම්. ගුණරත්න - තත්. 47.70
6 එම්. ජී. සිල්වා - තත්. 48.15

 

සුදුසුකම් ලබාගත නොහැකි වූ කී‍්‍රඩකයෝ

7 අයි. කේ. මධුෂාන් - තත්. 48.82
8 ටී. සී. එස්. සිරිවර්ධන - තත්. 50.19

 

- ශානුක අරවින්ද
(ඡයාරූපය : ශානුක අරවින්ද)

 


අදහස් (1)

ආසියානු ශුරතාවලියේ පස්දෙනාම ඇතුළේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.