Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු ප‍්‍රබලයන්ගේ රග්බි තරග හෙට සිට

ආසියානු ප‍්‍රබලයන්ගේ රග්බි තරග හෙට සිට

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

රග්බි කී‍්‍රඩාවේ නිරතව සිටින ආසියාවේ ප‍්‍රධානතම රටවල් පහ අතර පැවත්වෙන රග්බි තරගාවලිය (2014) ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර තරගය ඉංචියෝන්හිදී හෙට (26) පැවැත්වේ. තරගය කොරියානු වේලාවෙන් මධ්‍යාහන 12.00 ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලියට සහභගි වන නාමල් රාජපක්‍ෂගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට දින කීපයකට පෙර දකුණු කොරියාව බලා පිටත්ව ගියේය. ආසියාවේ ප‍්‍රධානතම රග්බි කණ්ඩායම් අතරට ජපානය, දකුණු කොරියාව, හොං කොං, පිලිපීනය සහ ශ්‍රී ලංකාව ඇතුළත්ව සිටියි.

මෙම තරගාවලියේ පළමු ස්ථානයට පත්වන රට 2015 වසරේ පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි.  ආසියානු ප‍්‍රබලයන්ගේ තරගාවලියේ අනු ශූරයන් සහ උරුගුවේ පිල අතර පැවැත්වෙන තරග දෙකකින් අනතුරුව එහි ජයග‍්‍රාහී කණ්ඩායම 2015 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගනු ඇත.

ආසියානු රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ජපානය (1), දකුණු කොරියාව (2), හොං කොං (3), ශී‍්‍ර ලංකාව (4) සහ පිලිපීනය (7) ප‍්‍රබලයන් පස්දෙනාගේ තරගාවලියට සහභාගි වෙති.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොං කොං අතර තරගය ලබන මැයි මස 3 වැනිදා කොළඹදීද, ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර තරගය ලබන මැයි මස 17 වැනිදා කොළඹදීද පැවැත්වීමට නියමිතය. ප‍්‍රබල ජපාන පිල සහ ශ්‍රී ලංකාව අතර තරගය මැයි මස 10 වැනිදා ජපානයේදී පැවැත්වේ.

ආසියානු රග්බි ශූරයන් වන ජපානය ලෝක ශ්‍රේණිගත කිරීමේ 13 වැනි ස්ථානය හිමිකර ගෙන සිටියි. දකුණු කොරියාව 23 වැනි ස්ථානයේ ද, හොං කොං 26 වැනි ස්ථානයේ ද, ශ්‍රී ලංකාව 39 වැනි ස්ථානයේ ද, පිලිපීනය 57 වැනි ස්ථානයේ ද, රැදී සිටියි.

 

තරග කාලසටහන
අපේ‍්‍ර. 26 - දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඉංචියොන්හිදී
අපේ‍්‍ර. 26 - හොං කොං සහ පිලිපීනය අතර හොං කොංහිදී
මැයි 03 - පිලිපීනය සහ ජපානය අතර පිලිපීනයේදී
මැයි 03 - ශ්‍රී ලංකාව සහ හොං කොං අතර ශ්‍රී ලංකාවේදී
මැයි 10 - ශ්‍රී ලංකාව සහ ජපානය අතර ජපානයේදී
මැයි 10 - හොං කොං සහ දකුණු කොරියාව අතර හොං කොංහිදී
මැයි 17 - දකුණු කොරියාව සහ ජපානය අතර දකුණු කොරියාවේදී
මැයි 17 - ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර කොළඹදී
මැයි 24 - පිලිපීනය සහ දකුණු කොරියාව අතර පිලිපීනයේදී
මැයි 24 - ජපානය සහ හොං කොං අතර ජපානයේදී


අදහස් (2)

ආසියානු ප‍්‍රබලයන්ගේ රග්බි තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.