Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියාවේ වේගවත්ම මිනිසා ෆෙමි සීම්

ආසියාවේ වේගවත්ම මිනිසා ෆෙමි සීම්

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ 10 වැනි දිනය වූ ඊයේ (28) දිනයේ අවසන් තරගය ලෙස පැවැති පිරිමි මීටර 100 අවසන් තරගය තත්පර 9.93 කින් අවසන් කර කටාර් ක‍්‍රීඩක ෆෙමි සීම් ඔගුනෝඩි ඉදිරි වසර හතරේ ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්විය.

චීන ක‍්‍රීඩිකා වෙලි යොංග්ලි (11.48) ආසියාවේ වේගවත්ම කාන්තා බවට පත්වෙමින් කාන්තා මීටර 100 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

ෆෙමි සීම් තරගය අවසන් කළ තත්පර 9.93 ආසියානු ක‍්‍රීඩා වාර්තාව ද බිද වැටීම වීම කැපී පෙනේ.

මෙහි පැරණි වාර්තාව මෙම තරගයේ අවසන් ස්ථානයට පත්වූ කටාර් ක‍්‍රීඩක සැමුවෙල් ෆ‍්‍රෑන්සිස් 2007 වසරේ ජෝර්දාන්හි අම්මාන් නුවරදී පැවැති ආසියානු ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියේදී තත්පර 9.99 ක් සටහන් කරමින් පිහිටුවා තිබුණි.

නයිජීරියාවේ උපත ලැබූ 23 හැවිරිදි ෆෙමි සීම් තහනම් උත්තේජක ගැනීමට වරදකරු වී වසර දෙකක තහනමකට ලක්ව සිට මෙම ක‍්‍රීඩා උළෙලට සහභාගි විය.

මීටර 100 පිරිමි රිදී පදක්කම චීන ක‍්‍රීඩක යූ. බින්ටියං (10.10) ද, රිදී පදක්කම ජපන් ක‍්‍රීඩක කී ටකාසි (10.15) ද, හිමිකර ගත්හ.

ජපන් ක‍්‍රීඩිකා ක‍්‍රිෂාටෝ ෆුකුෂිමා (11.49) සහ කසකස්තාන් ක‍්‍රීඩිකා ඔල්ගා සෆ්රොනෝවා (11.50) කාන්තා මීටර 100 ඉසව්වේ රිදී සහ ලෝක පදක්කම් හිමිකර ගත්තාය.

ශ‍්‍රී ලංකා ඔලිම්පික් පදක්කම් ශූරි සුසන්තිකා ජයසිංහ 2002 වසරේ බූසාන් ආසියානු ක‍්‍රීඩා උළෙලේදී මීටර 100 කාන්තා ඉසව්ව තත්පර 11.15 කින් අවසන් කරමින් එහි ආසියානු ක‍්‍රීඩා වාර්තාවට තවමත් හිමිකම් කියන්නීය.


අදහස් (0)

ආසියාවේ වේගවත්ම මිනිසා ෆෙමි සීම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.