Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු සත් සාමාජික රග්බි හෙට සිට

ආසියානු සත් සාමාජික රග්බි හෙට සිට

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි (අවසන්) අදියර හෙට සහ අනිද්දා (18 සහ 19) චීනයේ බීජිං නුවරදී පැවැත්වේ.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මිතුන් හපුගොඩට හිමිවී ඇති අතර කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස අයේෂා සෙව්වන්දි කටයුතු කරයි.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නිත්‍ය නායක ෆසිල් මරීජා පෞද්ගලික හේතු මත මෙම තරගාවලියට සහභාගී නොවන අතර විවිධ ආබාධ තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබල කී‍්‍රඩකයන් ලෙස සැළකෙන අනුරුද්ධ විල්ලවර, ශ්‍රීනාත් සූරිබණ්ඩාර සහ සඳුන් හේරත්ද මෙම තරග සංචාරයට සහභාගී නොවේ.

මෙහි පිරිමි තරගාවලියේදී කණ්ඩායම් 12 ක් කාණ්ඩ 4 ක් යටතේ තරග වදින අතර ශ්‍රී ලංකාව සමගින් මලයාසියාව සහ කසක්ස්තානය එහි ‘බී’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.

කාන්තා තරගාවලියේදී කණ්ඩායම් 8 ක් කාණ්ඩ 2 ක් යටතේ තරග වදින අතර ශ්‍රී ලංකාව එහිදී ‘එක්ස්’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය. හොං කොං, කසක්ස්තානය සහ සිංගප්පූරුව, ‘එක්ස්’ කාණ්ඩය නියෝජනය කරන සෙසු රටවල්ය.


ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම -
මිතුන් හපුගොඩ (නායක), දිනූෂ චතුරංග, ශෙහාන් පතිරණ, සුදර්ෂණ මුතුතන්ති‍්‍ර, ධනුෂ්ක රංජන්, දුලාජ් පෙරේරා, ගයාන් වීරරත්න, හිරන්ත පෙරේරා, වකාවුලාගි එමෝරි, නයේක් ජෝෂප් ඩන්, නයිජල් රත්වත්තේ, රොහාන් ත්‍යාගරාජා, රොහාන් චින්තක, ග්ලේන්  ඕවේන් (පුහුණුකරු), අමිත් ජයසේකර (භෞත චිකිත්සක)

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම -
අයේෂා සෙව්වන්දි (නායක), තනූජා දිල්රුක්ෂි, සන්දකා හේමකුමාරි, සංදීපා සඳමාලි, රන්දිකා කුමුදුමාලි, නිරංජලා පි‍්‍රයදර්ශනී අනූෂා පි‍්‍රයදර්ශනී, ජයන්ති කුමාරි, දසුනි ගිම්හානි, ශානිකා මධුමාලි, චන්ද්‍රශාන් පෙරේරා (පුහුණුකරු)

 

- 036


අදහස් (0)

ආසියානු සත් සාමාජික රග්බි හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.