Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිලිපීනයේ මැනිලා නුවර පැවති 2013 ආසියානු මෝටර් රථ ධාවන ශූරතාවලියේ යතුරු පැදි තරගවලදී කනිෂ්ඨ අංශයෙන් අනු ශූරතාව හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකාව නියෝජනය කළ පාසැල් සිසුවෙකු වන ජැක් ගුණවර්ධන සමත් විය. ඔහු අද (19 වැනිදා) අලූයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
ශ‍්‍රී ලංකාවට ගෞරවයක් අත් කරදෙමින් දිවයිනට පැමිණි ජැක් ගුණවර්ධනව ශ‍්‍රී ලංකා යතුරු පැදි සංගමයේ වත්මන් සභාපති උපාලි දසනායක, හිටපු සභාපති ටී. රඝුනාදන් යන මහත්වරුන් සහ ජැක් ගේ පවුලේ හිතවතුන් විසින් ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදි ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබුහ.
ශ‍්‍රී ලංකා යතුරු පැදි තරග ඉතිහාසයේ මෙවන් තරගාවලියකින් පදක්කමක් දිනාගත් ප‍්‍රථම අවස්ථාව මෙය බව ශ‍්‍රී ලංකා යතුරු පැදි සංගමයේ සභාපති උපාලි දසනායක මහතා පැවසුවේය.
තරගාවලිය පසුගිය 16 සහ 17 දිනවල රටවල් 23 ක සහභාගීත්වයෙන් පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්විණි. එහිදී කණිෂ්ඨ අංශයේ ශූරතාවය පිලීපිනය විසින් දිනාගන්නා ලද අතර අනුශූරතාව ශ‍්‍රී ලංකාවට හිමිවිය.
ජැක් නුගේගොඩ ලැයිසියම් විදුහලේ 9 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. ඔහුගේ පුහුණුකරු වශයෙන් පියා වන ඞ්වේන් ගුණවර්ධන මහතා කටයුතු කරන අතර ඔහුට පුහුණු වීම සඳහා ධාවන පථය ලබා දී ඇත්තේ හරේන් යටවක මහතාගේ අනුග‍්‍රහයෙනි.
දිවයිනට පැමිණි ජැක් පැවසුවේ ලබන වසරේ ආසියානු යතුරු පැදි තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට තමන්ට හැකියාව ඇති බවයි. එමෙන්ම රට වෙනුවෙන් උපරිම දක්ෂාතා පෙන්වීමට තමන් පුහුණු වන බවත් කීවේය.
තමන්ට මෙම ගමන ඒමට අත දුන් ක‍්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ, මැක්ලරන්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරී රොහාන් ද සිල්වා, සියැට් ආයතනයේ නිලධාරීන් මෙන්ම ලැයිසියම් විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සෙසු සියළු දෙනාටම ස්තුතිවන්ත වන බවත් ජැක් පැවසීය.
දිවයිනට පැමිණි ජැක් ගුණවර්ධන ශ‍්‍රී ලංකා යතුරු පැදි සංගමයේ වත්මන් සභාපති උපාලි දසනායක, හිටපු සභාපති ටී. රඝුනාදන් යන මහත්වරුන් සහ පියා ඩුවේන් ගුණවර්ධන සමග
ශ‍්‍රී ලංකා යතුරු පැදි සංගමයේ වත්මන් සභාපති උපාලි දසනායක මහතා විසින් ජැක් ව පිළිගන්නා ලද අයුරු
දිවයිනට පැමිණි ජැක් ගුණවර්ධන සියා පියා ඩුවේන් ගුණවර්ධන, මව ක‍්‍රිස්ටීන් ගුණවර්ධන සහ නැගනිය සමග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.