Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනවල ඉන්දුනීසියාවේ සුරබයා නුවරදී පැවැත්වෙන 19 වැනි ආසියානු වොලිබෝල් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් මෙන්ම නවක ක්‍රීඩකයන්ගෙන්ද සමන්විත ඉතා සමරබර කණ්ඩායමකි.
ඉකුත් වසරේ (2106) ඉන්දියාවේදී පැවැති දකුණු ආසියානු වොලිබෝල් තරගාවලියේ අනු ශූරයන් බවට පත්වෙමින් ශ්‍රී ලංකා කන්ඩායම මෙවර ආසියානු තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය. මෙවර තරගාවලියට කණ්ඩායම් 16 ක් සහභාගි වන අතර ඒ අතුරින් මුල් කණ්ඩායම් 8 අතරට පැමිණීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට සහභාගි වී සිටියි.
අත්දැකීම් බහුල ක්‍රීඩකයන් දෙදෙනෙක් වන ශමිල් මලින්ද සහ ගයාන් මධුෂංක පිළිවෙළින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සහ උප නායකයා ලෙස කටයුතු කරන අතර ප්‍රවීණ වොලිබෝල් පුහුණුකරු චාල්ස් තිලකරත්න මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට උස පන්දු ප්‍රහාරකයන් පස් දෙනෙක් (ගයාන් මධුෂංක, ජනිත සුරත්, දීප්ති රොමේෂ්, චාමර මිහිරාන් සහ ලසිඳු මෙත්මාල්), කෙටි පන්දු ප්‍රහාරකයන් සිවු දෙනෙක් (ශමිල් මලින්ද, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන් සහ රුමේෂ් හසන්ත), පන්දු සකසන්නන් දෙදෙනෙක් (කසුන් චතුරංග සහ නිලංක සංජය) සහ එක් ලිබරෝ ක්‍රීඩකයෙක් (ඒ. ඩබ්ලිව්. ලක්මාල්) ඇතුළත්ව සිටිති.
මින් පෙර 11 ක් වරක් ආසියානු වොලිබෝල් තරගාවලියට සහභාගි වී ඇති ශ්‍රී ලංකාව එහිදී අත්කරගෙන ඇති ඉහළම ස්ථානය වන්නේ 2011 වසරේ ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැති තරගාවලියේදී ලද 8 වැනි ස්ථානයයි. අවසන් වරට (2015 වසරේදී) පැවැති තරගාවලියද ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැති අතර එහිදී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 13 වැනි ස්ථානයයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන්ගේ වගතුග
ශමිල් මලින්ද (නායක) සම්පූර්ණ නම - අන්ද්‍රා හැන්නදිගේ ශමිල් මලින්ද සිල්වා වයස - අවුරුදු 31 යි උස - අඩි 6 අඟල් 5 යි පාසල - කඩුවෙල බෝමිරිය ජාතික පාසල ක්‍රීඩා සමාජය - යුද හමුදාව වෙනත් කණ්ඩායම් - බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරන ස්ථානය - කෙටි පන්දු ප්‍රහාරක |
![]() |
ගයාන් මධුෂංක (උප නායක) සම්පූර්ණ නම - මනික්කවලගේ ගයාන් මධුෂංක ප්‍රේමරත්න වයස - අවුරුදු 27 යි උස - අඩි 6 අඟල් 3 යි පාසල - රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහල ක්‍රීඩා සමාජය - විදුලිබල මණ්ඩලය වෙනත් කණ්ඩායම් - දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරන ස්ථානය - උස පන්දු ප්‍රහාරක |
![]() |
ජනිත සුරත් සම්පූර්ණ නම - සුභසිංහ ආරච්චිලාගේ ජනිත සුරත් වයස - අවුරුදු 28 යි උස - අඩි 6 අඟල් 2 යි පාසල - මීගමුව ශාන්ත මරියා මහ විදුහල ක්‍රීඩා සමාජය - වරාය අධිකාරිය වෙනත් කණ්ඩායම් - කටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජය සහ තිඹිරිගස්කටුව ලකී සික්ස් ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරන ස්ථානය - උස පන්දු ප්‍රහාරක විශේෂ දස්කම් - 2014 වසරේ නේපාලයේදී පැවැති දකුණු ආසියානු ආරාධිත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා |
![]() |
දීප්ති රොමේෂ් සම්පූර්ණ නම - හේහත්පුරගේ දීප්ති රොමේෂ් රණවක වයස - අවුරුදු 25 යි උස - අඩි 6 අඟල් 2 යි පාසල - මීරිගම බණ්ඩාරනායක මහ විදුහල සහ සීදුව දමවිසමර විදුහල ක්‍රීඩා සමාජය - විදුලිබල මණ්ඩලය වෙනත් කණ්ඩායම් - ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරන ස්ථානය - උස පන්දු ප්‍රහාරක |
![]() |
චාමර මිහිරාන් සම්පූර්ණ නම - ගුණරත්න මුදියන්සේලාගේ චාමර මිහිරාන් වයස - අවුරුදු 29 යි උස - අඩි 6 අඟල් 1 යි පාසල - ගම්පහ බණ්ඩාරනායක විදුහල ක්‍රීඩා සමාජය - යුද හමුදාව වෙනත් කණ්ඩායම් - ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරන ස්ථානය - උස පන්දු ප්‍රහාරක |
![]() |
වසන්ත ලක්මාල් සම්පූර්ණ නම - බෙන්තහේවගේ වසන්ත ලක්මාල් වයස - අවුරුදු 25 යි උස - අඩි 6 අඟල් 4 යි පාසල - රදාවාන මහගමසේකර මහ විදුහල ක්‍රීඩා සමාජය - යුද හමුදාව වෙනත් කණ්ඩායම් - ජාතික තරුණ සේවා සභාව සහ රදාවාන ගෝල්ඩන් බර්ඞ්ස් ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරන ස්ථානය - කෙටි පන්දු ප්‍රහාරක |
![]() |
අයේෂ් දිල්හාන් සම්පූර්ණ නම - පානදුර ආරච්චිගේ දොන් අයේෂ් දිල්හාන් පෙරේරා වයස - අවුරුදු 21 යි උස - අඩි 6 අඟල් 4 යි පාසල - සීදුව දවිසමර මහ විදුහල ක්‍රීඩා සමාජය - විදුලිබල මණ්ඩලය වෙනත් කණ්ඩායම් - ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරන ස්ථානය - කෙටි පන්දු ප්‍රහාරක විශේෂ දස්කම් - 2012 වසරේ ඉරානයේදී පැවැති යොවුන් ආසියානු තරගාවලියේ දක්ෂතම ආවරණය කරන්නා අනුශූරතාව |
![]() |
රුමේෂ් දිසානායක |
![]() |
කසුන් චතුරංග සම්පූර්ණ නම - පඬිගේ කසුන් චතුරංග ප්‍රනාන්දු වයස - අවුරුදු 30 යි උස - අඩි 5 අඟල් 7 යි පාසල - මාදම්පේ සේනානායක මධ්‍ය මහා විදුහල ක්‍රීඩා සමාජය - විදුලිබල මණ්ඩලය වෙනත් කණ්ඩායම් - බැන්ඩික්ස් ක්‍රීඩා සමාජය සහ තෝඩුවාව ක්‍රිස්තුරාජ ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරන ස්ථානය - පන්දු සකසන්නා විශේෂ දස්කම් - 2003 වසරේ හොංකොංහිදී පැවැති ආසියානු පාසල් තරගාවලියේ දක්ෂතම පන්දු සකසන්නා |
![]() |
නිලංක සංජය සම්පූර්ණ නම - සමරවීර ආරච්චිගේ නිලංක සංජය වයස - අවුරුදු 30 යි උස - අඩි 5 අඟල් 9 යි පාසල - නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික විදුහල ක්‍රීඩා සමාජය - වරාය අධිකාරිය වෙනත් කණ්ඩායම් - නාත්තන්ඩිය යුනයිටඞ් ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරන ස්ථානය - පන්දු සකසන්නා විශේෂ දස්කම් - 2014 වසරේ නේපාලයේදී පැවැති දකුණු ආසියානු ආරාධිත තරගාවලියේ දක්ෂතම පන්දු සකසන්නා |
![]() |
ලසිඳු මෙත්මාල් |
![]() |
ඩබ්ලිව්. ඒ. ලක්මාල් සම්පූර්ණ නම - අබේසිංහ විජේසේකර ලක්මාල් වයස - අවුරුදු 26 යි උස - අඩි 5 අඟල් 4 යි පාසල - හුංගම විජයබා ජාතික විදුහල ක්‍රීඩා සමාජය - විදුලිබල මණ්ඩලය වෙනත් කණ්ඩායම් - විජයබා ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරන ස්ථානය - ලිබරෝ |
![]() |
චාල්ස් තිලකරත්න මහතා (පුහුණුකරු) සම්පූර්ණ නම - ජේ. එම්. චාල්ස් තිලකරත්න මහතා වයස - අවුරුදු 46 යි පාසල - නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික විදුහල ක්‍රීඩා සමාජය - නාත්තන්ඩිය යුනයිටඞ් ක්‍රීඩා සමාජය |
![]() |
නලින් සම්පත් මහතා (සහාය පුහුණුකරු) සම්පූර්ණ නම - නලින් සම්පත් අබේසිංහ වයස - අවුරුදු 42 යි පාසල - මාතර ශාන්ත සර්වේශස් විදුහල ක්‍රීඩා සමාජය - ගුවන් හමුදාව |
![]() |
එම්. කේ. සුනිල් මහතා (අභ්‍යාසක) |
![]() |
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.