Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු කලාපීය 3X3 තරගාවලියට යති

ආසියානු කලාපීය 3X3 තරගාවලියට යති

editorial - 2022 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ ආසියානු කලාපීය 3X3 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම් හෙට (අඟහරුවාදා) පිටත්ව යනු ඇත. මෙම තරගාවලිය මේ මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා සිංගප්පූරුවේදී පැවැත්වේ.

පැසිපන්දු ක්‍රීඩාවේ 3X3 තරග, ක්‍රිකට් ක්‍රීඩාවේ විස්සයි-20 ආකෘතියට ආසන්න, අධිවේගී තරග රටාවකි. සාමාන්‍ය වශයෙන් පැසිපන්දු තරගයකදී එක් වරෙක පිටියේ සිටින ක්‍රීඩකයන් සංඛ්‍යාව 5 ක් වුවද, 3X3 තරගයකදී පිටියේ සිටින කණ්ඩායමක ක්‍රීඩකයන් සංඛ්‍යාව 3 කි.

දෙපිලේම ක්‍රීඩකයන් 6 දෙනෙකි. තරගයක කාලය විනාඩි 10 ක් වන අතර කිසියම් කණ්ඩායමක් විනාඩි 10 ට පෙර ලකුණු 21 ක් ලබාගන්නේ නම්, තරගය එතැනින් නිමා වේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් මෙන්ම පිරිමි කණ්ඩායම් ද මෙම තරගාවලිය වෙනුවෙන් මාස දෙකකට ආසන්නකාලයක් තිස්සේ වෙහෙසකර පුහුණුවීම් මාලාවක නිරතවූහ.
 
කාන්තා කණ්ඩායම මෙම තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබා සිටී. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු වටයේදී තායිවානය සහ තවත් සුදුසුකම් ලබාගත් කණ්ඩායමක් හා තරග වදිනු ඇත.

පිරිමි කණ්ඩායම හමුවේ ඇති අභියෝගාත්මක තරගයක් වන්නේ චීනයට එරෙහි තරගයයි. චීනය, පැසිපන්දු ක්‍රීඩාවේදී ආසියානු කලාපයේ සිටින අතිශය ප්‍රබල කණ්ඩායමකි.

 

කාන්තා කණ්ඩායම :
බෙනිකා තලගල, අංජලී ඒකනායක, නෙහාරි පෙරේරා සහ ලුබ්නා මෝසෙත්

පිරිමි කණ්ඩායම :
චානුක ප්‍රනාන්දු (නායක), පවන් ගමගේ, නිමේෂ් ප්‍රනාන්දු සහ දසුන් නිලන්ත

 


අදහස් (0)

ආසියානු කලාපීය 3X3 තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.