Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා පාකිස්තානයේ සංචාරය කිරීම ඉන්දීය කණ්ඩායම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමග තරගාවලිය පැවැත්වීම සඳහා දෙමුහුන් ආකෘතියක් ඉදිරිපත් කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේය.
එම ආකෘතියට අනුව තරග 4 ක් පාකිස්තානයේදීද, තරග 9 ක් ශ්‍රී ලංකාවේදීද පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සභාව අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව ඉන්දියාව සහභාගි වන සියලු තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව, ඇෆ්ඝනිස්ථානය, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය යන රටවල් සහභාගි වන මෙවර ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු මස 31 වැනිදා සිය සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා පැවැත්වේ.
ඕස්තෝබර් සහ නොවැම්බර් මාසවල ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානම් වීමේ අරමුණින් මෙවර ආසියානු කුසලාන තරගාවලිය එක්දින තරගාවලියක් ලෙස පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.
මූලික වටයේදී ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය පළමු කාණ්ඩය යටතේද, ශ්‍රී ලංකාව, ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය දෙවැනි කාණ්ඩය යටතේද තරග වැදීමට නියමිතය. මූලික වටය අවසානයේ කාණ්ඩ දෙකේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 2 බැගින් සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත.
සුපිරි 4 දෙනාගේ වටය අවසානයේ එහි පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය පැවැත්වේ. ඉන්දියාවට අවසන් මහ තරගයට පිවිසෙන්නේ නම් එය ශ්‍රී ලංකාවේදීද, ඉන්දියාව ඊට පිවිසෙන්නේ නැතිනම් එය පාකිස්තානයේදීද පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.