Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ සිංගප්පූරුවේ සිට)
සත්කාරක සිංගප්පූරුව ලකුණු 63/ 63ක පරාජය කරමින් ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු කුසලාන අපරාජිතව දිනාගැනීමට සමත් විය.
සිංගප්පූරුවේ දී රටවල් 11ක ගේ සහභාගිත්වයෙන් පැවැති 12 වැනි ආසියානු දැල් පන්දු තරගාවලියේ අවසන් මහා තරඟයේ දී වට හතර ලකුණු 13/19,14/11,19/08,17/15 කට වාරතා කරමින් ශ්‍රී ලංකාව ඒ අනුව තවත් වසර දෙකකට කුසලාන යළි රැකගැනීමට සමත් විය දෙපිලම වට දෙක බැගින් පෙරමුණ ගනිමින් තරගය නිමාවට පත්වීම පෙනුණි.
අවසන්වරට පැවති 2018 තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගත්තේ ද සියලුම තරග ජය ගනිමින් අපරාජිතවය.
ඒ අනුව ආසියාවේ දැල්පන්දු ශ්‍රේණිගත කිරීමේ හි අංක එක රැක ගනීමට ශ්‍රී ලංකාව තවදුරටත් සමත් විය. ශ්‍රී ලංකාව විසින් සත්කාරක සිංගප්පූරුව මෙවර තරගාවලියේ දී පරාජයට පත් කළ දෙවැනි අවස්ථාව මෙයයි.ශ්‍රී ලංකාව මෙහි දෙවැනි වටයේ තරගයකදී සිංගප්පූරුව පරාජයට පත් කලේ ලකුණු 67/49 ටය .
පෙරේදා (10 ) පළමු අවසන් පූර්ව තරගයේදී හොංකොං ලකුණු 67/ 43 කට පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට ප්‍රවේශ වීමත් සමඟ ජයගත් පළමු අභියෝගය වූයේ 2023 ජූලි 28 සිට අගෝස්තු 6 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරදි පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට ආසියානු කලාපයෙන් නිර්දේශ ලබා ගැනීමට සමත් වීමයි.
පෙරේදා (10) දෙවැනි අවසන් පූර්ව තරගයේදී සිංගප්පූරුව විසින් මලයාසියාව ලකුණු 67/43 කට පරාජය කරමින් අවසන් මහා තරගයට අනෙක් පසින් නිර්දේශ ලබා ගැනීමත් සමග ඔවුන්ද කේප්ටවුන් ලෝක ශූරතාවලියට නිර්දේශ ලබා ගත්තේය .ඒ ආසියානු කලාපයේ ශූරියන් මෙන්ම අනුශූරයින් ද ලෝක කුසලාන තරගාවලියට නිර්දේශ ලබන බැවිනි. අපරාජිතව මෙවරත් ශ්‍රී ලංකාව තරගාවලිය නිමාවට පත් කිරීමේදී ඉන්දියාව (102/14) පිලිපීනය (98/37) මලයාසියාව (55/53) ඔවුන් අතින් මූලික වටයේ දී පරාජයට පත් වූ සෙසු රටවල් වෙති.
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන ඊයේ දිනා ගත්තේ 6 වැනි වතාවටත්ය .1989/ 1997 /2001/ 2009/ 2018 මීට පෙර ශ්‍රී ලංකාව ආසියානු කුසලාන දිනාගත් සෙසු අවස්තාවන් ය. ශ්‍රී ලංකාව 1985,2012,2014,2016 හිමිකරගෙන ඇත්තේ අනුශූරතාවයි.
ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන දිනා ගැනීමේ සුවිශේෂී වැදගත්කම වන්නේ පසුගිය වසරකටත් වැඩි කාලයක් පුරා රට තුළ උද්ගත වූ ගෝලීය කොවිඩ් වසංගතය මෙන්ම දේශපාලන හා ආර්ථික අස්ථාවර භාවයන් හමුවේ පුහුණු කටයුතු විටින් විට අඩාල වෙමින් තිබියද සිය ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීමයි.
නායිකා ගයාංජලි අමරවංශ ගේ විශිෂ්ට මෙහෙය වීම යටතේ මෙවර ආසියානු කුසලාන දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට උපනායිකා දුලංගි වන්නි තිලක, තර්ජනී සිවලිංගම් ගයනි දිසානායක, සේමිනි අල්විස් ,චතුරංගි ජයසූරිය ,දීපිකා අබයකෝන් හසිතා මෙන්ඩිස් ,රෂ්මි පෙරේරා , ඉදුෂා පෙරේරා හා මල්මි හෙට්ටිආරච්චි ඇතුළත් වූහ.
ප්‍රධාන පුහුණුකරු හයිසින්ත් විජේසිංහ ,සහාය පුහුණුකාරනී කුමාරි ගමගේ , කලමනාකාරනී මයුරිනි අනුෂා, යන මහත්මීන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කළේය. චතුරංගිනි ජයසූරිය ගියවර තරගාවලියේ දී ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් ක්‍රීඩිකාවයි.
වසර 2009 සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන ලෝකයේ උසම දැල්පන්දු විඳින්නිය ලෙසත් තවමත් සැලකෙන අඩි 6යි අඟල් 11 ක් උසැති 43 හැවිරිදි තර්ජනී සිවලිංගම් ගේ දක්ෂතා තවදුරටත් වලංගුව පවතින බව මෙවර තරගාවලියෙන් දී ප්‍රදර්ශනය වූවාය.
අවසන් මහා තරගය නැරඹීම සඳහා අතිවිශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් එරීනා ක්‍රීඩා සංකීර්ණයට රැස්ව සිටියහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයෙන් උදම්ව ඔවුන් ප්‍රීති ඝෝෂා නගමින්. ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතීම සඳහා එක්වූහ.
ඊයේ පැවති තෙවැනි ස්ථානය තේරීමේ තරගයෙන් හොංකොං කණ්ඩායම ලකුණු 54/42ට පරාජයට පත්කල මලයාසියාව මෙවර තරගාවලියේත් තෙවැනි ස්ථානය හිමිකරගත්තේය.
ඡායාරූප - ආසියානු දැල් පන්දු සංගමය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.