Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
පෙබරවාරි 7 වැනිදා සිට චීනයේ හාර්බින් නුවරදී ආරම්භ වන නව වැනි ආසියානු සීත සෘතු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වය වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවට ඩොලර් 15,000 ක් ප්‍රදානය කර තිබේ. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 45 ක් පමණ වන මෙම මුදල ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇත්තේ මේ වන විට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකාවට අරමුදල් ප්‍රදානය කිරීමට සීමා පනවා තිබියදීය.
පෙබරවාරි 7 වැනිදා සිට 14 වැනිදා දක්වා රටවල් 34 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන නව වැනි ආසියානු සීත සෘතු ක්‍රීඩා උළෙලට, නිත්‍ය සාමාජිකයන් නොවන කාණ්ඩය යටතේ, ශ්‍රී ලංකාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගි කිරීමට නියමිතය. විදේශයන්හි කල් ගෙවමින් පසුවන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු ඒ සදහා ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිර්දේශ කර තිබේ.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස දේවා හෙන්රි මහතාත් කණ්ඩායම් කළමනාකරු ලෙස චන්දන පෙරේරා මහතාත් කටයුතු කරති.
ආසියානු ඔලිම්පික් සභාවේ සීත සෘතු ක්‍රීඩා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහභාගි වෙයි. කෙසේවූවත් සුබ්‍රමනියම් මහතා සමගින් එම සමුළුවට සහභාගි වීමට සූදානමින් සිටි, දැනට ක්‍රීඩා ඇමැතිවරයා විසින් ධූරයේ කටයුතු කිරීම අත්හීටුවා තිබෙන ජාතිත ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සංචාරයෙන් ඉවත්ව තිබේ.
අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් සභාව විසින් මැක්ස්වෙල් ද සිල්වා මහතාට කර ඇති දැනුම්දීම් අනුව, ඔහු මෙම සමුළුවෙන් ඉවත්ව සිටී.
ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මේ වන විට පැන නැගී තිබෙන පරිපාලන අර්බුදය විසඳාගන්නා තුරු තනතුරේ කටයුතු වලින් ඉවත්ව සිටින ලෙස එම ජාත්‍යන්තර පාර්ශව විසින් මැක්ස්වෙල් ද සිල්වා මහතාට දැනුම්දී තිබේ. එය දින 90 ක කාලයක් පුරා ක්‍රියාත්මක වන්නකි.
ආසියානු සීත සෘතු ක්‍රිඩා උළෙල අවසන් වරට 2017 දී ජපානයේ සපොරෝ නුවර කේන්ද්‍ර කර ගනිමින් පැවත්වීමේදී හිම මත ලිස්සා යාම, රට හරහා (හිම මත) දිව යාම හා හිම බෝල යන ක්‍රීඩා ඉසව් තුනක් සදහා ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනෙකු හා ක්‍රීඩකයෙකු සහභාගිවී තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ ඉල්ලීමක් සළකා බලමින් ශ්‍රී ලංකාවට ඉහත ඩොලර් ප්‍රදානය සිදු කර තිබේ. 1986 දී ආරම්භ වූ ආසියානු සීත සෘතු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව මේ දක්වා එක් ලෝකඩ පදක්කමක් හිමි කර ගෙන තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.