Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 130 කට ආසන්න ඉතිහාසයක් ඇති ඇඩිලේඞ් ඕවල් කී‍්‍රඩාංගණයේදී හෙට (5 වැනිදා) ආරම්භ වන දෙවැනි අළු බඳුන තරගය සඳහා යොදාගැනෙන තණතීරුව වෙනත් තැනක සකස් කිරීමෙන් පසුව ගෙනැවිත් ඇඩිලේඞ් ඕවල් පිටියේදී සවිකරන ලද නවීනතම තණතීරුවකි.
එසේ වුවත් එය වෙනත් සෑම අවස්ථාවකදීම වාගේ පිතිකරුවන්ට සහයෝගය දක්වන බවට වන කී‍්‍රඩාංගණයේ කීර්තිනාමය හා බැඳී පවතිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
”පසුගිය වසර වලදී තිබූ තත්ත්වයන්ට ඉතාම ආසන්න තත්ත්වයේ තණතීරුවක් අපට බලාපොරොත්තු විය හැකියි” යයි තණතීරු භාරකරු ඬේමියන් හෆ් මහතා පවසයි.
ඕස්ටේ‍්‍රලියාව පුරා උන්මාදයක් සේ පැතිරයමින් පවතින ඕස්ටේ‍්‍රලියානු පාපන්දු කී‍්‍රඩාව සඳහා අවශ්‍ය වන පරිදි ඩොලර් මිලියන 487 ක වියදමින් ඇඩිලේඞ් කී‍්‍රඩාංගණය නවීකරණය කරන ලද අතර ඕස්ටේ‍්‍රලියානු පාපන්දු කී‍්‍රඩාව පැවැත්වෙන අවස්ථාවන්හිදී කි‍්‍රකට් තරගයක තණතීරුවක් එහි පවත්වාගෙන යා නොහැක. එබැවින් තණතීරුව වෙනත් තැනක සකස් කර කි‍්‍රකට් තරග සමය ආරම්භ වන විටදී කී‍්‍රඩාංගණයට ගෙනැවිත් සවිකරනු ලැබේ. මෙම කී‍්‍රඩාංගණයේ අසුන්ගතහැකි පේ‍්‍රක්‍ෂක සංඛ්‍යාව 32,500 කි.
මේ වන විටත් 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටින ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම බොහෝ විට හෙට තරගය සඳහා පිවිසෙන්නේ පළමු තරගයේදී කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන්ම පිරිවරගෙනය.
එංගලන්ත පිල හැරදා නැවතත් සියරට බලා ගිය ජොනතන් ට්‍රොට් කී‍්‍රඩා කළ අංක 3 ස්ථානයට හෙට තරගයේදී රෝ රූට් හෝ ඉයන් බෙල් කැඳවනු ඇතැයි එංගලන්ත කණ්ඩායමේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. බෙල් සිය උරහිසේ අපහසුතාවකින් පෙළෙන නමුත් ඔහුට මෙම තරගය සඳහා කී‍්‍රඩා කළ හැකි වේය යන්න එංගලන්ත කණ්ඩායම විශ්වාසයෙන් පසුවෙයි.
කෙසේ වෙතත් එංගලන්තයට මෙම කී‍්‍රඩාංගණය සම්බන්ධයෙන් ඇත්තේ වඩාත් සුබවාදී සිහිවටනය. වසර 3 කට ඉහත, අවසන් වරට මෙම කී‍්‍රඩාංගණයේදී පැවැති අළු බඳුන ටෙස්ට් තරගයේදී එංගලන්ත පිල ඉනිමක සහ ලකුණු 71 ක විශිෂ්ට ජයක් ලබාගත්තේ කෙවින් පීටර්සන්ගේ විශිෂ්ට ද්විත්ව ශතකයකට ස්තුතිවන්නටය. ඇරත් පළමු ටෙස්ට් තරගය පැවැති තණතීරුවට වඩා මෙම තරගය පැවැත්වන තණතීරුව වෙනස් ස්වරූපයක් ගනු ඇතැයි කී‍්‍රඩාංගණ භාරකරුවෝ පවසති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.