Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පර්ත් (ඕස්ටේ්‍රලියාව) - ප්‍රංශ පුවත්
ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ සිටින ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන ඇඩම් සම්පා ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගය අද (25 වැනිදා) පැවැත්වීමට නියමිතය.
ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතන වෙබ් අඩවිය සඳහන් කරන්නේ ඇඩම් සම්පා කොරෝනා වෛරසය ආසාදනය වීමේ රෝග ලක්‍ෂණ ඉතා මඳ වශයෙන් පෙන්නුම් කරන බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් තවමත් නිකුත් වී නැත.
මෙම තරගාවලියේ නීති රීති අනුව, කොරෝනා ආසාදිත ක්‍රීඩකයකුට වුවද තරග කිරීමේ අවස්ථාව තිබේ. එහෙත් ඒ සඳහා ඔහු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගෙන් වෙන්ව ක්‍රීඩාංගණය කරා ගමන්කළ යුතුය. ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැති තරගයේදී ක්‍රීඩා කළ අයර්ලන්තයේ ජෝර්ජ් ඩොක්රල්ටද ඒ වන විට කොරෝන වෛරසය අසාදනය වී තිබිණ.
අද තරගයේදී ඇඩම් සම්පා ක්‍රීඩා නොකරන්නේ නම් ඔහුගේ ස්ථානය ඇෂ්ටන් ආගර්ට හිමිවනු ඇත. ඇෂ්ටන් ආගර් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයෙකි.
පසුගිය වසරේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා සිටින ඕස්ටේ්‍රලියාව පසුගිය දා නවසීලන්තය වෙතින් දරුණු පරාජයක් ලැබීය.
ශ්‍රී ලංකා කණ්ඩායම, සුදුසුකම් තේරීමේ වටයේදී නැමීබියාව හමුවේ පරාජය වූ නමුත්, ඉන් පසුව පැවැති තරග තුනම ජයගනිමින්මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේදී වැනි කාණ්ඩයෙන් දෙවැනි ස්ථානය ගෙන සිටී.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.