Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇතුගල්පුර සටන 28 - 29 වෙළගෙදර ක්‍රීඩාංගණයේදී

ඇතුගල්පුර සටන 28 - 29 වෙළගෙදර ක්‍රීඩාංගණයේදී

editorial - 2025 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කුරුණෑගල - ජනුර් කිචිලාන්)

කුරුණෑගල මලියදේව විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර පැවැත්වෙන ‘ඇතුගල්පුර සටන’ මහ ක්‍රිකට් තරගය මෙම මස 28 සහ 29 යන දිනවලදීද, ඊට සමගාමීව පැවැත්වෙන එක්දින තරගය 30 වැනිදාද කුරුණෑගල, වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
 
‘ඇතුගල්පුර සටන’ මහ ක්‍රිකට් තරගය පැවැත්වෙන 41 වැනි අවස්ථාවත්, එක්දින තරගය පැවැත්වෙන 28 වැනි අවස්ථාවත් මෙය වන අතර මෙවර එහි සත්කාරක කණ්ඩායම ලෙස ශාන්ත ආනා විද්‍යාලය කටයුතු කරයි.   

මේ දක්වා පැවති මහ ක්‍රිකට් තරග 41 න් 6 ක් ජය ගැනීමට මලියදේව විදුහල සමත්ව ඇති අතර ශාන්ත ආනා විදුහල එක් ජයග්‍රහණයක් හෝ ලබා නොමැත. සෙසු තරග සියල්ල ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. 

එක්දින තරගවලදී මලියදේව විදුහල ජයග්‍රහණ 15 ක් ලබා ඇති අතර ශාන්ත ආනා විදුහල ජයග්‍රහණ 10 ක් ලබා ඇත. තරග දෙකක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. 

ශාන්ත ආනා විදුහල නියෝජනය කරන ගීතික ද සිල්වා ශ්‍රී ලංකා වයස 19 න් පහළ ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර මලියදේව විදුහලේ දිමත් අබේසිංහ මේ වන විට ශ්‍රී ලංකා වයස 19 න් පහළ ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. 

ශාන්ත ආනා විදුහලේ ගීතික ද සිල්වා ඉන්දියාවේ එම්.ආර්.එෆ්. වේග පන්දු පුහුණු කරන්නන්ගේ සංචිතයට ශ්‍රී ලංකාවෙන් තෝරාගත් දෙදෙනාගෙන් එක් අයෙකු වීමද විශේෂත්වයකි. 

මලියදේව විදුහල් කණ්ඩායමේ 2024 වසරේ ඇතුගල්පුර සටනට ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ 4 දෙනෙක් මෙම තරගයටද ක්‍රීඩා කරති. පසුගියදා බංගලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම අතර පැවැති තරගයේදී මලියදේව විද්‍යාලයේ රජිත නවෝද්‍ය ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම නියෝජනය කළේය. 

මෙවර තරගයේදී චන්දුප අබේසිංහ මලියදේව විදුහල් කණ්ඩායම් නායක ලෙස කටයුතු කරන අතර බුද්ධිම නන්දසිරි ශාන්ත ආනා විදුහල් කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ඇත. 

 


මලියදේව විදුහල 
පලමු පෙළ (වමේ සිට) - මුදිත ප්‍රේමදාස මහතා (සහය පුහුණුකරු), අකලංක ගමගේ මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), හේමන්ත අබේකෝන් මහතා (නියෝජ්‍ය විදුහල්පති ක්‍රීඩා), චන්දූප අබේසිංහ (නායක), ඩබ්.එම්.සී.කේ. මහමිතව මහතා (විදුහල්පති), දිමත් අබේසිංහ (උප නායක), සුරංග කරුණාතිලක මහතා (ක්‍රිකට් සම්බන්ධීකාරක), ලක්මාල් අබේසිංහ මහතා (ක්‍රිකට් භාර ආචාර්ය) සහ උදාර ප්‍රසංග මධුරංග මහතා (ප්‍රධාන පුහුණුකරු) 
දෙවැනි පෙළ (වමේ සිට) - ඔලිත නෙරංන්ජන්, සේනාදීප බණ්ඩාර, රජිත නවෝද්‍ය, විනුක ගලප්පත්ති, පැහැසර බණ්ඩාර, දිමන්ත අරූෂ, තවීෂ බාලසූරිය, තිවංක පබසර, සොනාල් අශ්වින්, දම්ලත් ගමගේ 
තෙවැනි පෙළ (වමේ සිට) - දිනෙත් අමරසිංහ, ගගන පතිරාජ, පිවිතුරු සිල්වා, ගනිදු කහඳවල, අකේන් අමරජීව, නේත්‍ර නිර්මල, චෙනුල හේමචන්ද්‍ර 

 

ශාන්ත ආනා විදුහල 
ඉදිරි පෙළ (වමේ සිට) - කලිඳු විජේසිංහ මහතා (සහය පුහුණුකරු), චමිත් සසෙන්ජන (උප නායක), නිහාල් සී. දිසානායක මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), චන්දන හපුආරච්චි පියතුමා (විදුහල්පති), රොෂාන් ඩයස් සහෝදරතුමා (ක්‍රීඩා භාර ආචාර්ය), බුද්ධිම සහන් නන්දසිරි (නායක), චාමික රවිහාර මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ කාවින්ද කොටුවෙගෙදර මහතා (පුහුණුකරු) 
දෙවැනි පෙළ (වමේ සිට) - කුෂාන් සුබසිංහ, දිනුග මෙත්විරු, ඔෂද කොඩිකාර, මහීෂ බණ්ඩාර, ශාකිල් බසිර්, යස්මින් ජයසුන්දර, දිහාන් මුණසිංහ, ශානුක කෙම්සර, සනුජ නිදුවර සහ ෂෙහාන් කුමාර 
තෙවැනි පෙළ (වමේ සිට) - චෙනියාල් ඩිමෝර්, අසිංස දිසානායක, නවිදු රත්නායක, වගීෂ රණසිංහ, ගීතික ද සිල්වා, මංජු විජේරත්න, කෙවින් නානායක්කාර, නදීක ලොකුවැල්ල සහ ජිත්සර දිසානායක 


අදහස් (0)

ඇතුගල්පුර සටන 28 - 29 වෙළගෙදර ක්‍රීඩාංගණයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.