Last Update  :  2025-02-05 14:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇනබෙල් එංගලන්තයට රිදෙන්නම අනී
කාන්තා අළු බඳුන

ඇනබෙල් එංගලන්තයට රිදෙන්නම අනී

editorial - 2025 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන කාන්තා අළු බඳුන තරගයේදී ඇනබෙල් සදර්ලන්ඩ් ලබාගත් ශතකයත් සමගින් තරගය සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රීඩිකාවන් තැබූ බලාපොරොත්තු සියල්ලම සුළඟේ ගසාගෙන ගොස් තිබේ. ඇනබෙල් සදර්ලන්ඩ් පිතිකාරිණියක ලෙසින් සාර්ථක වීමට බලපෑ ප්‍රධානතම කාරණාව වූයේ එංගලන්ත ක්‍රීඩිකාවන්ගේ දුර්වල පන්දු රැකීමයි. 

තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තාවෝ ලකුණු 170 කට දැවී ගියහ. ඇනබෙල්ගේ පිතිහරඹය හේතුවෙන් තරගයේ දෙවැනි දිනය නිමා වන විට කඩුලු 5 ට ලකුණු 422 ක් ලබාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ මේ වනවිටත් ලකුණු 252 ක වාසියක් අත්කරගෙන සිටිති. 

ඇනබෙල් සදර්ලන්ඩ් තවමත් 23 හැවිරිදි ක්‍රීඩිකාවකි. ඇනබෙල් තරග දිවිය නිමා කරන විට ඇයගේ පිළිරුවක් මෙල්බර්න් පිටියේ ඉදිකිරීමට තරම් දේ ඇය විසින් කරනු ඇතැයි  ඕස්ටේ්‍රලියාවේ හිටපු විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවක වන ක්‍රිස්ටිනා මැතිව්ස් කියයි. ඇනබෙල්ගේ ආරම්භය ඒ තරම්ම විශිෂ්ට බවත් ක්‍රිස්ටිනා කියයි. 

මෙල්බර්න් පිටියේදී ටෙස්ට් ශතකයක් ලබාගත් මුල්ම ක්‍රීඩිකාව ඇනබෙල්ය. මේ ඇයගේ තුන්වැනි ටෙස්ට් ශතකය වන අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක (3 ක්) ලබා සිටින බෙටී විල්සන් සහ ජිල් කෙනාරිගේ වාර්තාවත් ඇනබෙල් විසින් සමකරනු ලැබ ඇත. 

එංගලන්තයට එරෙහිව ලකුණු 163 ක් ලබාගත් ඇනබෙල්, පසුගිය වසරේදී දකුණු අප්‍රිකානු කාන්තාවන්ට එරෙහිව ලකුණු 210 ක ඉනිමක් ක්‍රීඩා කළාය. මේ වන විට ඇය පිට පිටම ටෙස්ට් ඉනිම දෙකකදී ලකුණු 150 ඉක්මවා ලබාගත් පළමු වැනි ක්‍රීඩිකාව බවට පත්ව සිටින්නීය. 

ඇනබෙල් මෙන්ම විශිෂ්ට පිතිහරඹයක නිරතව සිටින බෙත් මූනි තම ශතකයට ලකුණු 2 ක් මෑතින් සිටින්නීය. කෙසේ වෙතත් බෙත් මූනි ලකුණු 19 ක් ලබාගැනීමට පෙර ඇයගේ උඩපන්දු තුනක් එංගලන්ත ක්‍රීඩිකාවන් විසින් බිම හෙළන ලදහ. 

ඇනබෙල් සදර්ලන්ඩ්  සහ බෙත් මූනි අතර සිව්වැනි කඩුල්ල වෙනුවෛන් පැවැති සම්බන්ධතාව ලකුණු 154 කි. 

සිව්දින දිවා/රාත්‍රී තරගයක් වන මෙම තරගය තරගය හෙටත් අනිද්දාත් පැවැත්වේ. 


එංගලන්ත කාන්තාවෝ - පළමු ඉනිම 170 යි
(හෙදර් නයිට් 25, නැතලි ෂීවර්-බ්‍රන්ට් 51, සොෆියා ඩන්ක්ලේ 21, ඩැනී ව්ට්හොජ් 22, රයානා මැක්ඩොනල්ඩ් 15, කිම් ගාර්ත් 13/2, ඩාර්සි බ්‍රවුන් 47/2, අලානා කිංග් 45/4)

ඕස්ට්‍රේලියානු කාන්තාවෝ - පළමු ඉනිම කඩුලු 5 ට 422 යි
(ෆෝබී ලිච්ෆීල්ඩ් 45, ජොර්ජියා වොල් 12, ඇනබල් සදර්ලන්ඩ් 163, ඇලිසා හීිලි 34, බෙත් මූනි නොදැවී 98, ඇෂ්ලී ගාර්ඩ්නර් 44, ලෝරන් බෙල් 94/2, සොෆී එක්ස්ලෙස්ටන් 134/2)

(ඡායාරූපය - ප්‍රංශ පුවත් සේවයෙනි)


අදහස් (0)

ඇනබෙල් එංගලන්තයට රිදෙන්නම අනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.