Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික කාන්තා ටෙනිස් පිටියේ අලූත්ම නොම්මර එකේ කී‍්‍රඩිකාව වන ජර්මනියේ ඇන්ජලිකා කේබර් නිව්යෝක් නුවර පැවැති අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා අවසන් මහා තරගයේදී චෙක් රාජ්‍යයේ කැරොලිනා ප්ලිස්කෝවා ලකුණු 6-3 ක්, 4-6 ක් සහ 6-4 කින් පරදවා වසර දහයකට පසුව අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාව දිනූ පළමු ජර්මානු කී‍්‍රඩිකාව බවට පත්වූවාය.
මේ වසරේදී සිය තුන්වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා අවසන් මහා තරගයට කී‍්‍රඩා කළ 28 හැවිරිදි මේ ජර්මානු කී‍්‍රඩිකාව පසුගිය ජනවාරියේ දී ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් කිරුළ දිනාගත් අතර විම්බලන්ඩන් තරගාවලියේ අනුශූරිය බවට පත්වූවාය.
1996 දී ස්ටෙෆී ග‍්‍රාෆ්ගෙන් පසුව කිසිදු ජර්මානු කී‍්‍රඩිකාවකට දිනන්නට නොහැකිවූ අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ ඊයේ පෙරවරුවේදී ඇයගේ සතුටු කඳුලින් තෙත බරිත විය.
මීට පෙර කිසිදු අවස්ථාවක ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියක තුන්වැනි වටයෙන් උඩට නොගියත් කැරොලිනා හමුවේ ආරම්භයේදී දැඩි පීඩනයකට හසුවීමට ඇන්ජලිකාට සිදුවීම කැපී පෙනුණි.
අත්දැකීම් බහුල මේ කී‍්‍රඩිකාව මුලදී පෙනුණු හැටියට නම් ඒ හැටි විශ්වාසයකින් යුතුව කී‍්‍රඩා නොකළාය. එහෙත් තරගයේ උණුසුම් ඉහළ යද්දී නරඹන්නන්ගේ ජයඝෝෂා මැද තරගය තමන්ගේ වාසියට හරවා ගැනීමට ඇන්ජලිකා සමත්වූයේ කෝඩුකාර කැරොලිනාගේ අත්දැකීම් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් වැනි ප‍්‍රධාන තරගාවලියක අවසන් මහා තරගයට ප‍්‍රමාණවත් නොවූ බැවිනිි.
අනුශූරිය බවට පත්වූ 24 හැවිරිදි කැරොලිනා මෙවර අවසන් තරගයට එක්වූයේ අවසන් පූර්ව තරගයේදී සුපිරි කී‍්‍රඩිකා සෙරීනා ඇගේ රටේහිදිම පරාජයට පත් කරමිනි.
”ඇයට එරෙහිව කී‍්‍රඩා කිරීම කොහෙත්ම ලෙහෙසිවුණේ නෑ” තරගයෙන් පසුව ඇන්ජලිකා එසේ කීවේ සතුටු කඳුලූ පිරි දෑසිනි.
”මම පුලූවන් තරම් උත්සාහ කළේ සන්සුන් බව රැුකගෙන කී‍්‍රඩා කරන්නයි. අද මගේ හීනයක් හැබෑවුණා. මේක එක අතකින් අදහා ගන්න බැරි ජයක්. මේ අවුරුද්දේ මම ග‍්‍රෑන්ඞ් ස්ලෑම් දෙකක්ම දිනලා.. නොම්මර එකේ කී‍්‍රඩිකාවත් වෙලා.” එසේ කියා ඇය හිනැහෙන්නට වූවාය. ”මේක මට ගොඩාක් වටිනවා.” ඇය එසේ කීවේ කුසලානය සිප ගනිමිනි.
”මම පොඩිකාලේ හීන මැව්වේ කවදාහරි දවසක ලෝකයේ නොම්මර එකේ ටෙනිස් කී‍්‍රඩිකාව වෙන්නයි. එකම එක ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවක් හරි දිනාගන්නයි. අද ඒ දෙකම ඉෂ්ඨ වෙලා.”
අනුශූරිය බවට පත්වූ කැරොලිනා ද ඇන්ජලිකාගේ දස්කම් ගැන කතා කරන්නේ ප‍්‍රසංශා මුඛයෙනි.
”ලෝක ටෙනිස් පිටියේ නොම්මර එකේ කී‍්‍රඩිකාව තමා බව ඇය ලෝකෙට ඔප්පු කළා. කොහොමටත් මේ තරගය මට අමාරුවෙයි කියලා මං මුල ඉඳලම දැනගෙනයි හිටියේ” කැරොලිනා කීවාය.
මේ වසර මුල දී ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි තැන සිටි ඇන්ජලිකා ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් කිරුළ අත්පත් කරගත්ද වෙනත් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලියක තුන්වැනි වටයෙන් ඔබ්බට නොගියාය. එහෙත් වසර අවසන් වීමට පෙර සිය ඉරණම වෙනස් කරගත් ඇය වසරේ පෙරළිකාර කී‍්‍රඩිකාව වූ බව අමුතුවෙන් කිව යුතු නැත.
සිය දෙවැනි ග‍්‍රැන්ඞ් ස්ලැම් කිරුළ දිනාගැනීමෙන් පසුව ජර්මානු ජාතික ධජය සිපගත් ඇය ජයග‍්‍රාහිකාවට පිරිනැමෙන අමෙරිකානු ඩොලර් මිලිනය 3.5 ක චෙක් පතත් අතැතිව සුපුරුදු පරිදි මෙසේ ද කීවාය.
”මම ජර්මානුවෙක්. මම සෙල්ලම් කරන්නේ ජර්මනිය වෙනුවෙන්. මම හැදී වැඩුණේ ජර්මනියේ. මගේ හද ගැස්මත් ජර්මනිය වෙනුවෙන් විතරයි”
-077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.