Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇමති අනුමැතිය ගන්න දින 21 ක්

ඇමති අනුමැතිය ගන්න දින 21 ක්

editorial - 2023 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අන්තර්ජාතික තරග සංචාරවලට යොමු කරන කණ්ඩායම් සඳහා ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලබාගැනීම අවම වශයෙන් දින 21ක් දක්වා ඇදී යන සංකීර්ණ ක්‍රියාදාමයක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසයි.  කොළඹදී පැවැ.ති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ මෙම තත්වය තුළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් සහභාගි වීමට නියමිත ඇතැම් තරග සංචාරයන් සඳහා ඇමැති අනුමැතියට පෙර වීසා ඉල්ලුම් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය මෑතක සිට කටයුතු කරන සිටින බවයි.

මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් රැසකට  පිළිතුරු දෙමින් මලල ක්‍රීඩා ආයතනයේ සභාපතිවරයා මෙසේද පැවසීය.

“වත්මන් ඇමතිවරයාගේ කාලයේදී තමයි මෙම කාරණය පැන නැගුණේ. පිටරට තරග සංචාරයකට යන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා  කණ්ඩායමකට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ගන්න දැන් අඩුම තරමින් දින 21ක් වත් යනවා.“

“සමහරුන්ට මේ කාරණය සරල ක්‍රියාවක් වගේ පේන්න පුළුවන්. නමුත් දැන් ක්‍රීඩා අමාත්‍යාංශය හඳුන්වලා දීලා තිබෙන ක්‍රමවේදයට අනුව ජාතික ක්‍රීඩා සභාව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වගේ පාර්ශව කීපයක් හරහා ගොස් තමයි අවසානයේ අපි අනුමැතියට ඉදිරිපත්  කරන ක්‍රීඩකයන්ගේ ලැයිස්තු ඇමැතිවරයා අතට පත් වෙන්නේ“

“එහෙම වුණාම ඒ  ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව වීසාවලට නියමිත දිනවලට යොමු කරන්න අපහසු වෙනවා. විශේෂයෙන්ම යුරෝපයේ වගේම බෝල්කන් රටවලට ඇතුළුවෙන්න වීසා අයදුම් කිරීමේ දී අනුමැතිය ගන්න දින ගණනාවක් යනවා. ඒ නිසා දැන් අපි ඒ වගේ තරග සංචාරවලට සූදානම්වීමේ දී ඇමති අනුමැතියට පෙරම වීසාවලට ඉල්ලුම් කරනවා“

“මේ ප්‍රශ්නය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට පමණක් නොවේ ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට පොදු වුණු ප්‍රශ්නයක් වෙලා තිබෙන බවයි අපට පේන්නේ.“ යයි ද මලල ක්‍රීඩා සභාපතිවරයා පැවසීය.

මේ අතර පාලිත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව පවත්වාගෙන යාම සඳහා දේශීය අනුග්‍රාහකයන් සම්බන්ධ කර ගැනීමට කළ සාකච්ඡා සියල්ලම මෙතෙක් සාර්ථක නොවූ බවයි. එම තත්වය තුළ ටෂ්කන්ට්   ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරග සංචාරය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජාතික ඔලිම්පික් කමිටුව හවුල් කරගත් බවත් එහි වරදක් තමන් නොදකින බවත් ඔහු පැවැසීය.

මලල ක්‍රීඩා සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජාතික ක්‍රීඩා සංගමයක් ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ලබා ගැනීම අනිවාර්යෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියෙන් හා දැනුවත් කිරීම මත සිදුකළ  යුත්තක් බවට මේ වනවිටත් ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම්දී තිබෙන බවයි.


අදහස් (0)

ඇමති අනුමැතිය ගන්න දින 21 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.