Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
.
ඇමරිකාවේ හුස්ටන්හිදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදීත් ලකුණු 06 ක තියුණු ජයක් අත්කරගත් ඇමරිකානුවෝ, බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගත්හ. තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය හෙට (25 වැනිදා) පැවැත්වීමට නියමිතය.
ඇමරිකානු කණ්ඩායමක් විසින් ටෙස්ට් ක්‍රීඩා කරන රටක් පරාජය කරමින් වාර්තා කළ පළමු වැනි අන්තර්ජාතික තරගාවලි ජයග්‍රහණය මෙයයි. අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අනුව බංග්ලාදේශය 9 වැනි ස්ථානයේත් ඇමරිකා එක්සත් ජනපදය 19 වැනි ස්ථානයේත් සිටිති.
පළමු තරගය කඩුලු 5 කින් පරාජය වූ බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඊයේ (23 වැනිදා) පැවැති දෙවැනි තරගයේදී ලකුණු 145 ක ඉලක්කයක් කරා යමින් සිටියහ. බංග්ලාදේශය, වරෙක කඩුලු 2 කට ලකුණු 78 ක් ලබා සිටි නමුත් අවසන් ඕවර 9 දී ලකුණු 60 ක් ඇතුළත අවසන් කඩුලු 8 ම ඇද වැටිණ. එය දින තුනක් ඇතුළත, ඇමරිකානුවන් හමුවේ, බංග්ලාදේශය පරාජය වූ දෙවැනි අවස්ථාවයි.
වේග පන්දු යවන ක්‍රීඩක අලී ඛාන් ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගනිමින් ඇමරිකානු පිලට ඓතිහාසික ජයක් අත්කර දුන්නේය.
“මට විතරක් නෙමේ අනෙක් පන්දු යවන්නන්ටත් මේ ජයග්‍රහණයේ ගෞරවය හිමිවෙනවා. අපි තීරණාත්මක අවස්ථාවලදී කඩුලු දවාගත්තා. ඒ හින්දා පීඩනය ආපසු ඔවුන් වෙතම යොමු වුණා”යයි තරගයේ වීරයා වූ අලී ඛාන් පැවසීය.
ලබන මස 1 වැනිදා සිට, ඇමරිකාවේදී සහ බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙසින් ඇමරිකාව සහ බංග්ලාදේශය අතර මෙම තරගාවලිය සංවිධානය කර තිබිණ.
“ඒක හරිම කණගාටුදායක තත්ත්වයක්. තරගයේ මැද කොටසේදී හැම ඕවරයකදීම වාගේ අපේ පිතිකරුවෙක් දැවී ගියා... මා හිතන්නේ ඒක අපේ හැකියාවන් වල ප්‍රශ්නයක් නෙමේ. අපි හිතන විදිහේ ප්‍රශ්නයක්”යයි බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ශන්ටෝ පැවසීය.
නියමිත ඕවර 20 ඇතුළතදී ඇමරිකාව ලකුණු 144 කට සීමාකරගත් නමුත් බංග්ලාදේශයට ලැබුණේ භයංකාර ආරම්භයකි. ඉනිමේ සිව්වැනි පන්දුවේදීම සෞම්‍ය සාර්කර් ලකුණු නොලබා දැවී ගියේය. එහෙත් පස්වැනි ඕවරයේදී ලකුණු 30 ක් ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායම 10 වැනි ඕවරය නිමාවේදී කඩුලු 2 කට ලකුණු 76 ක් ලබා සිටියේය. ඊළඟ ඕවරයේදී නජ්මුල් හොසේන් දුවද්දී දැවී යාමත් සමගින් විනාශය ආරම්භ විය.
දෙවැනි විස්සයි-20 තරගයේ ලුහුඬු ලකුණු පුවරුව
ඇමරිකාව - ඕවර 20 කදී කඩුලු 6 ට 144 යි
(ස්ටීවන් ටේලර් 31, මොනාක් පතෙල් 42, ඒරන් ජෝන්ස් 35, කෝරි ඇන්ඩසන් 11, ෂොරිෆුල් ඉස්ලාම් 29/2, මුස්ටෆිසුර් රෙහෙමාන් 31/2, රිෂාඞ් හොසේන් 21/2)
බංග්ලාදේශය - ඕවර 19.3 කදී 138 යි
(ටැන්සිඞ් හසන් 19, නජ්මුල් හොසේන් ශන්ටෝ 36, තව්හීද් රිදෝයි 25, සකිබ් අල් හසන් 30, සෞරබ් නෙට්රැවෙල්කාර් 15/2, අලී ඛාන් 25/3, ෂැඞ්ලි වැන්ෂැල්ක්වැක් 21/2)
(ඡායාරූප - එක්ස් ඩොට් කොම් අනුග්රහයෙනි)
- 213
pakeer Saturday, 25 May 2024 03:56 PM
ඇමෙරිකන් ටීම් එකේ එක සුද්දෙක්වත් නැහැනේ...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.