Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇමරිකාවෙ තණතිරූ තේරුම් ගන්න ලේසි නෑ
විස්සයි-20 ලෝක කුසලාන - 2024

ඇමරිකාවෙ තණතිරූ තේරුම් ගන්න ලේසි නෑ

editorial - 2024 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

(ශානුක අරවින්ද ‍‍ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ ලොන්ඩර්හිල් නුවර සිට..)

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය හමුවේ පිට පිටම තරග දෙකක් පරාජයට පත්ව සිටන ශ්‍රී ලංකා කණ්ඩායම, මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය යටතේ සහභාගි වන තෙවැනි තරගයට මුහුණදීම සඳහා මේ වන විට ‍‍ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ ලොන්ඩර්හිල් නුවරට පැමිණ සිටියි.

එහිදී නේපාලයට එරෙහිව පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට පෙර පැවැති පළමු පුහුණ සැසියට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කණ්ඩායමේ උප නායක චරිත් අසලංක කියා සිටියේ ඇමරිකාවේ තණතිරු තේරුම් ගැනීම ඉතා අසීරු කාර්යයක් බවය.

“අපි පුහුණු තරග දෙකම ක්‍රීඩා කළේ මේ ක්‍රීඩාංගණයේදි. ඒ නිසා ඒක අපිට ලොකු වාසියක් වෙයි කියලා හිතනවා. මේ ක්‍රීඩාංගණවල ගොඩක් හුලං තියෙනවා. ලොකු හතරේ සීමාවක් වගේම පොඩි හතරේ සීමාවක් හම්බෙනවා. කලින් ක්‍රීඩා කරපු නිසා ඒ වාසිය භාවිතා කරන්න ඕන කොහොමද කියලා අවබෝධයක් අපිට තියෙනවා.” ‍

“ඒත් තණතීරුව නම් පුහුණු තරගවලදි තිබුණට වඩා වෙ‍නස් වෙයි. මොකද මෙහෙ තණතීරු කියවන්න ලේසි නෑ. ඒ කියන්නෙ හරි අමාරුයි ඒවා තේරුම් ගන්න. ඉතින් අපි එදා දවසෙ තණතීරුව හැ‍ඩ ගැහෙන හැටියට ක්‍රීඩා කරන්න ඕන.” යැයි නේපාල තරගයට පෙර ඇමරිකාවේ තණතීරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් අසංලක කියා සිටියේය.

පෙර තරග දෙකේදී පිතිකරුවන් දැක්වූ අසාර්ථකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අසංලක කියා සිටියේ එම තරග දෙකේදීම ශ්‍රී ලංකාව ලැබූ පරාජයන්ගේ වගකීම තමන්ද ඇතුළුව පිතිකරුවන් භාරගත යුතු බවය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උප නායකයා මෙසේද සඳහන් කළේය.

“ගොඩක් කණගාටුයි කණ්ඩායමේ හැමෝටම. කළින් තරගයෙදි ඕවර 6 කට ලකුණු පනස් ගාණකට කඩුලු 2 ක් තිබිලා, මේ වගේ පිතිකරු ලැයිස්තුවක් ලකුණු 125 කට නවතින්න බෑ. ඉතින් මාත් ඇතුළුව හැම පිතිකරුවෙකුම ඒ පරාජයේ වගකීම භාරගන්න ඕන කියලා මම හිතනවා. ඒ නිසා වැරදි හදාගෙන මීළඟ තරග දෙක හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”

“මෙහෙට එන්න කලිනුත් අපි හොඳින් සූදානම් වුණා මේ තරගාවලියට මුහුණ දෙන්න. පුහුණුවීම් උපරිමයෙන් කරලා හැම දේකටම අපි ලෑස්ති වෙලා හිටියෙ. ඒත් තණතීරුවල එක පාරට වෙනස් වෙන ගතියට අපිට හුරු වෙන්න බැරි වුණා කියලා මම හිතනවා. වෙන තණතීරුවල නම් මුල් ඕවර 6 ට ලකුණු 50 කට වැඩියෙන් ගැහුවොත් අපි හදන්නෙ ලකුණු 180 කට වගේ යන්න.”

“ඒත් මේ තණතීරුවල බෝලෙ පරණ වුණ ගමන් දඟ කැවෙන්න වගේම දෝලනය වෙන්නත් බලනවා. අලුත් පිටත් එ‍හෙම වෙනවා. ඒ වෙලාවට අපි ඉක්මනින් හැ‍ඩගැහෙන්න ඕන ඉලක්කය පහළට දාගෙන කඩුලු ඉතුරු කරගෙන ලකුණු රැස්කරන්න. කලින් තරග දෙකේදිත් ඒක කරගන්න බැරි වුණ නිසා තමයි අපි පරාජයට පත් වුණේ.” යැයි අසලංක කියා සිටියේය.

තරග දෙදක් පරායජයට පත්වීමෙන් බලාපොරොත්තු කඩ වීම නිසා මේ වන විට කණ්ඩායමේ සියලුම දෙනා දැඩි කණස්සල්ලෙන් පසුවන බව පැවැසූ අසලංක, ඉතිරි තරග දෙක කෙසේ හෝ ජයගනිමින් තරගාවලිය නිමා කිරීම කෙරෙහි කණ්ඩායමේ වැඩි අවධානයක් යොමුව ඇති බවද සඳහන් කර සිටියේය.

“කණ්ඩායමේ හැමෝම වගේ හුඟක් කණගාටුවෙන් ඉන්නෙ. මොකද ලේසි නෑ ඒ වගේ තත්වයකින් මිදෙන්න. ඇත්තටම අපි හොඳ කණ්ඩායමක්. අන්තිමට ක්‍රීඩා කරපු විස්සයි-20 තරගාවලි ජයග්‍රහණය කරලා අපි ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඒත් ලොකු බලාපොරොත්තු ති‍යාගෙන ඇවිල්ලා, මුල් තරග දෙක මෙහෙම අවසනාවන්ත විදියට පැරදුනාම ක්‍රීඩකයො මානසිකව වැටෙනවා.”

“ඒත් අපි ක්‍රීඩකයො විදියට ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕන. කලිනුත් අපිට මේ වගේ දෙවල් වෙලා තියෙනවා. එහෙම වෙන වෙලාවට නැඟිටින එක ඉක්මන් කරගන්න එක තමා ක්‍රීඩකයො විදියට අ‍පේ වගකීම වෙන්න ඕන. ඒ නිසා වෙච්චි දේවල් අමතක කරලා කණ්ඩායමක් විදියට කොහොම හරි ඉතිරි තරග දෙක ජයගන්න උපරිම උත්සාහ කරනවා.” යැයිද අසලංක පැවසීය.


අදහස් (3)

ඇමරිකාවෙ තණතිරූ තේරුම් ගන්න ලේසි නෑ
  • Ran Tuesday, 11 June 2024 06:44 AM

    ඉන්දියන් අයි.සී.සී එයාලාගේ ටීම් එකට ලේසි රටවල් මුලින් දෙනවා. අපිට අමාරු රටවල් මුලින් දෙනවා. අසාධාරණයි. පිච් හදලා තියෙන හැටි. මිනිස්සු එන්නේ බැට් කරනවා බලන්න මිසක් අඩු ලකුණු මැච්වලට නොවේ.

    Reply 0       0

    Nasar Tuesday, 11 June 2024 09:35 AM

    නේපාලෙනුත් කනවා... සැප තමයි

    Reply 0       0

    LALITH Tuesday, 11 June 2024 01:08 PM

    අනික් ටීම් ඔක්කෝම තේරුම් අරන් පුතා...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.