Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
සංචාරක ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 60 ක ජයක් වාර්තා කළ ඇෆ්ඝනිස්ථානය, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 295 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ෆසාල්හක් ෆරූකි ප්‍රමඛ ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 38 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 234 ක් පමණි. ෆරූකි ලකුණු 49 කට කඩුලු 4 ක්ද, ගුලාබ්දීන් නයිබ් ලකුණු 34 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමූහ.
ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 83 කදී හතරේ පහර 10 ක් සමග ලකුණු 85 ක්ද, වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු හසරංග පන්දු 46 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 66 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.
පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 16 කට සීමා කළ යමීන් අහමඩ්සායි එක් ලකුණක් ලබා සිටි කුසල් මෙන්ඩිස් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත්තේය. ඉන් අනතුරුව පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්ට (14), ධනංජය ද සිල්වාට (16), චරිත් අසලංකට (10) මෙන්ම නායක දසුන් ශානකටද (16) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නෝ ඉඩක් ලබා නොදුන්හ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 294 ක් ලබාගැනීමට සමත් විය. ඇෆ්ඝනිස්ථාන ඉනිමේ නැංගුරම බවට පත්වූ ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සද්රාන් (106) පන්දු 120 කදී සිය 2 වැනි එක්දින ශතකය ලබාගත් අතර ඊට හතරේ පහර 11 ක් ඇතුළත් විය.
රහ්මනුල්ලා ගුර්බාස් (53) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 88 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඊබ්‍රහීම්, ඉන් නොනැවතී රාමට් ෂා (52) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 118 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
ඇෆ්ඝනිස්ථාන ඉනිමේ 5 වැනි ඕවරය යැවූ කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ලකුණු 13 ක් ලබා සිටියදී රහ්මනුල්ලා ගුර්බාස් ලබාදුන් උඩ පන්දුවක්, ස්ලිප්හි පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතින් ගිළිහී යෑමත් සමග ඔහුට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා විය.
පන්දු 55 කට මුහුණදුන් ගුර්බාස් හතරේ පහර 9 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 64 කදී වාර්තා වූ රාමට් ෂාගේ අර්ධ ශතකය හතරේ පහර 2 කින් සමන්විත විය. වේගවත් පිතිහරඹයක නිරත වූ නජිබුල්ලා සද්රාන් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 42 ක් රැස්කරමින් සිය කණ්ඩායම ලකුණු 300 සීමාව ආසන්නයටම ගෙන ගියේය.
කෙසේ වුවත් විශිෂ්ඨ ලෙස පන්දු රැකීමේ කාර්යයේ නිරත වූ අතිරේක ක්‍රීඩක අෂේන් බණ්ඩාර දුවද්දී දවාගැනීම් දෙකකට දායක වෙමින් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට ලකුණු 300 සීමාව පසුකර යෑමට තිබූ අවස්ථාව අහිමි කළේය. ගුලාබ්දීන් නයිබ් ලකුණු 22 කට දවාගත් ධනංජය ලක්ෂාන් සහ මොහොමඩ් නබී ලකුණු 2 කට දවාගත් කසුන් රාජිත ඒ සඳහා අෂේන්ට අනගි සහායක් දුන්හ.
larry Saturday, 26 November 2022 12:39 AM
චන්දිමාල් තමයි කැප්ටන්...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.