Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ඇෆ්ඝනිස්ථාන සංචිතයට තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති තුන් ඉරියව් ක්‍රීඩක අබ්දුල් රහමන් කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
තවමත් 21 වැනි වියේ පසුවන රහමන්, දකුණතින් මඳ වේග පන්දු යැවීමේ හැකියාවද ඇති දක්ෂ පිතිකරුවෙකි. ඔහු ජාතික සංචිතයට කැඳවා ඇත්තේ ඇෆ්ඝනිස්තාන දේශිය එක්දින තරගාවලියේදී ‘හින්දුකුෂ් ස්ට්‍රයිකර්ස්’ කණ්ඩායම නියෝජනය කරමින් අවසන් වරට ක්‍රීඩා කල තරග 5 දී අර්ධ ශතක 2 ක් ලබාගනිමින් කඩුලු 7 ක්ද දවාගැනීම හේතුවෙනි.
හෂ්මතුල්ලා ශහිදි නායකත්වය දරන ඇෆ්ඝනිස්ථාන සංචිතයේ උප නායකයා ලෙස රාමට් ෂා නම් කර ඇත. කණ්ඩායම නියෝජනය කළ ජේෂ්ඨ ක්‍රීඩකයන් වන ගුලාබ්දීන් නයිබ්ට සහ නවීන් උල්හක්ට සංචිතයේ ස්ථාන හිමිවී නොමැත. රෂීඩ් ඛාන්, මුජිබුර් රහමන් සහ නූර් අහමඩ් විශේෂඥ දඟ පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටිති.
මෙම මස 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම ජූනි මස 2, 4 සහ 7 යන දිනවල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගාවලියට සහභාගි වනු ඇත. ඇෆ්ඝනිස්ථානය ඍජුවම එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටින අතර ඒ සඳහා වන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙරහුරුවක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සංවිධානය කර තිබේ.
ඇෆ්ඝනිස්තාන සංචිතය
හෂ්මතුල්ලා ශහිදි (නායක), රාමට් ෂා (උප නායක), රහ්මනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහීම් සද්රාන්, රියාස් හසන්, නජිබුල්ලා සද්රාන්, මොහොමඩ් නබී, ඉක්‍රම් අලිඛයිල්, අස්මතුල්ලා ඔමර්සායි, රෂීඩ් ඛාන්, මුජිබුර් රහමන්, නූර් අහමඩ්, අබ්දුල් රහමන්, ෆසාල්හක් ෆකූරි සහ ෆරීඩ් අහමඩ් මලික්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.