Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායම අතර ඕමාන්හි අල් ඇමරත් ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති විස්සයි-20 තරගයෙන් ලකුණු 11 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ ක්‍රීඩකයෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ඕවර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 155 ක් පමණි. එහිදී ෆරිදූන් දවූද්සායි ලකුණු 40 කට කඩුලු 3 ක් දවගත් අතර බිලාල් සාමි සහ මොහොමඩ් ඝන්සන්ෆර් කඩුුලු 2 බැගින් බිඳ හෙළමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක නුවනිඳු ප්‍රනාන්දු පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 51 ක් රැස්කළ අතර අහන් වික්‍රමසිංහ පන්දු 18 කින් ලකුණු 31 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. ඔවුන් දෙදෙනා හැරුණු කොට ලකුණු 15 සීමාව පසුකර යෑමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සෙසු කිසිදු පිතිකරුවකුට නොහැකි විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 166 ක් ලබාගත් අතර ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 95 කදී ලකුණු 142 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ සුබේඩ් අකබාරි (52) සහ සෙදිකුල්ලා අතාල් (83) සමත් වූහ.
පන්දු 46 කට මුහුණදුන් සෙදිකුල්ලා හයේ පහර 7 කින් සහ හතරේ පහර 2 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 54 කදී ලබාගත් අක්බාරිගේ අර්ධ ශතකය හතරේ පහර 4 කින් සමන්විත විය. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දුෂාන් හේමන්ත සිය ඕවර 4 ලකුණු 23 කට සීමා කරමින් කඩුලු 6 ක් බිඳහෙළීමට සමත් විය.
ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 166
(සුබේඩ් අකබාරි 52, සෙදිකුල්ලා අතාල් 83, දුෂාන් හේමන්ත 23/6)
ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 155
(යෂෝධ ලංකා 15, නුවනිඳු ප්‍රනාන්දු 51, අහන් වික්‍රමසිංහ 31, ෆරිදූන් දවූද්සායි 40/3, බිලාල් සාමි 19/2, මොහොමඩ් ඝන්සන්ෆර් 19/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.