Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇෆ්ඝනිස්ථානය ලකුණු 228 කට සීමාවෙයි
දෙවැනි එක්දින තරගය

ඇෆ්ඝනිස්ථානය ලකුණු 228 කට සීමාවෙයි

editorial - 2022 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

රමනුල්ලා ගුර්බාස් (68)  සහ රහමත් ෂා (58) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් අවසන් ඕවර 20 දී තරගයට කඩා වැදුණු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 93 ක් තුළ  ඇෆ්ඝනිස්ථානු කඩුලු 9 ක් බිම දමා ගත්හ.

මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ එක් අවස්ථාවක ඇෆ්ඝනිස්ථානය කඩුල්ලක් පමණක් දැවී ලකුණු 135 ක් ලබා සිටියද ඕවර 48.2 ඇෆ්ඝනිස්තානුවෝ ලකුණු 228 කට දැවී ගියහ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිතගේ පන්දු යැවීම සටහන් වූයේ 9-2-31-3 ක් ලෙසිනි. තරමක ප්‍රහාරයකට ලක්වූ ළහිරු කුමාර (50/2) සහ මහීෂ් තීක්‍ෂණ (49/2) සාර්ථක පන්දු යැවීමක නිරත වූ අතර පිතිකරුවකු ලෙසින් කණ්ඩායමට එක්ව සිටින ධනංජය ද සිල්වා සිය ඕවර 10 ලකුණු 37 කට සීමාකර ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්තානුවෝ කිසිම පැකිළීමකින් තොරවම පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්හ. ළහිරු කුමාරගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා ඊබ්‍රහිම් සද්රාන් ලකුණු 10 කට දැවී ගිය නමුත් රමනුල්ලා ගුර්බාස් සහ රහමත් ෂා දෙදෙනා එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙසට පත්කළහ. තම තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගන්නා අතරම මෙම පිතිකරුවෝ දෙදෙනා ඕවරයකදී ලකුණු 5 කට ආසන්න වේගයක් රඳවා ගත්හ.

ප්‍රහාරකයකු වන රමනුල්ලා ගුර්බාස්ගේ ඉනිම හතරේ පහර 4 කින් සහ හයේ පහර 4 කින් සමන්විත විය. රහමත් ෂාගේ ඉනිම හතරේ පහර 7 ක් ඇතුළත් වී තිබිණ.

තරගාවලියේ පළමු තරගය ජයගත් ඇෆ්ඝනිස්ථානුවෝ 1-0 ක් ලෙසින් තරගාවලියේ ඉදිරියෙන් සිටිති.


ඇෆ්ඝනිස්ථානය - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 228 යි
(ඊබ්‍රහිම් සද්රාන් 10, රමනුල්ලා ගුර්බාස් 68, රහමත් ෂා 58, හෂ්මතුල්ලා සයිඩි 28, මොහොමඩ් නබි කසුන් රාජිත 31/3, මහීෂ් තීක්‍ෂණ 49/2, ළහිරු කුමාර 50/2)


අදහස් (0)

ඇෆ්ඝනිස්ථානය ලකුණු 228 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.