Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෙස්ට් ඉනිමකදී පළමු වතාවට කඩුලු 5 ක් දවාගත් කුල්දීප් යාදව්ගේ පන්දු යැවීම නිසා බටහිර ඉන්දීය පිල ඉනිමකින් සහ ලකුණු 272 කින් පරාජය ඉන්දියානුවෝ වසර 86 ක ටෙස්ට් ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය වාර්තා කළහ. රාජ්කොට්හිදී පැවැති මෙම තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 468 ක ඉලක්කයක් කරා ගිය බටහිර ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදීත් ලකුණු 196 කට දැවී ගියේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 649 ක් ලබාගත් අතර කොදෙව් පිලේ මුල් ඉනිම ලකුණු 181 කට සීමා කෙරිණ. මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ඉන්දීය පිල 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී.
සිය සිව්වැනි ටෙස්ට් තරගයට සහභාගි වන චයිනමන් පන්දු යවන්නා වන කුල්දීප් යාදව් ලකුණු 57 කට කඩුලු 5 ක් දවාගත්තේ කොදෙව් පිතිකරුවන් අන්ද මන්ද කරමිනි. 80 දශකයේදී ක්‍රිකට් ලෝකයේ කෙරුම්කාරයන් ලෙසින් හැඳින්වූ බටහිර ඉන්දීය කොදෙව් පිලේ සටන නිමා වූයේ ෂැනන් ගේබි්රයෙල්ගේ කඩුල්ල රවීන්ද්‍ර ජදේජාට හිමිවීමෙනි.
ටෙස්ට් පිටියේ කෝඩුකාරයන් වන ඇෆ්ඝනිස්තානු පිලට එරෙහිව පසුගිය ජූනි මාසයේදී තමන්ගේ ඉහළම ටෙස්ට් දිනුම ලබා සිටි ඉන්දීය කණ්ඩායම අද (6 වැනිදා) එය තවත් ලකුණු 10 කින් ඉදිරියට ගෙන ගියේය. ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඉන්දියානුවන් ලද ටෙස්ට් ජයග්‍රහණය ඉනිමක සහ ලකුණු 262 ක් විය.
ඉන්දියාව සහ කොදෙව් පිල අතර දෙවැනි ටෙස්ට් තරගය 12 වැනිදා හයිද්‍රාබාද්හිදී ආරම්භ වේ.
ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 9 ට 649 යි
(ප්‍රිත්වි ෂෝ 134, චෙටේස්වාර් පුජාරා 86, විරාට් කෝලි 139, අජින්ක්‍යා රහනේ 41, රිෂාබ් පන්ට් 92, රවීන්ද්‍ර ජදේජා නොදැවී 100, කුල්දීප් යාදව් 12, උමේෂ් යාදව් 22, ෂර්මන් ලුවිස් 93/2, දේවේන්ද්‍ර බිෂූ 217/4)
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 181
(ෂායි හෝප් 10, ෂිම්රොන් හෙට්මියර් 10, සුනිල් ඇම්බි්රස් 12, රොස්ටන් චේස් 53, ෂේන් ඩව්රිච් 10, කීමෝ පෝල් 47, දේවේන්ද්‍ර බිෂූ 17, මොහොමඞ් ෂාමි 22/2, රවිචන්ද්‍රන් අශ්වින් 37/4)
බටහිර ඉන්දීය කොදෙව් - දෙවැනි ඉනිම 196
(ක්‍රෙග් බ්‍රැත්වෙයිට් 10, කිරන් පවෙල් 83, ෂායි හෝප් 17, ෂිම්රන් හෙට්මියර් 11, රොස්ටන් චේස් 20, ෂේන් ඩව්රිච් 16, කීමෝ පෝල් 15, රවිචන්ද්‍රන් අශ්වින් 71/2, කුල්දිප් යාදව් 57/5, රවීන්ද්‍ර ජදේජා 35/3)
චෙටේස්වාර් පුජාරා
ප්‍රිත්වි ෂෝ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.