Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි ටෙස්ට් තරගය අද (7 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
දිගින් දිගටම වර්ෂාව ඇද හැලීම නිසා පස්වැනි දිනයේදී එක් ඕවරයක් හෝ නොයවාම තරගය අත්හැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ. වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා ඊයේ දිනයේදීද තරගය ඕවර 25 කට සීමා විය.
ඉනිමක පරාජයකින් ගැලවීමේ සටනක නිරත වී සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිවුවැනි දිනය වූ ඊයේ (6 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 6 ක් ලබා සිටියේය. ඉන්දීය කණ්ඩායම ලබාගත් ලකුණු 622 ට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 300 ක් පමණි.
දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පළමු ඉනිමේදී ලකුණු 193 ක් රැස්කළ චෙතේෂ්වර් පුජාරා, සිවුවැනි තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය.
ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 7 ක් දැවී 622
(මායන්ක් අගර්වාල් 77, චෙතේෂ්වර් පුජාරා 193, විරාට් කෝලි 23, හනුමා විහාරි 42, රිෂාබ් පාන්ට් නොදැවී 159, රවින්ද්‍ර ජදේජා 81)
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම සියලු දෙනා දැවී 300
(මාකස් හැරිස් 79, උස්මන් කවාජා 27, මානස් ලැබුෂ්චේන්ජ් 38, ට්‍රැවිස් හෙඞ් 20, පීටර් හැන්ඞ්ස්කොම්බ් 37, පැට්‍රික් කමින්ස් 25, මිචෙල් ස්ටාක් නොදැවී 29, ජොෂ් හේසල්වුඞ් 21, රවීන්ද්‍ර ජදේජා 673/2, කුල්දිප් යාදව් 99/5, මොහොමඞ් ශාමී 58/2)
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 6
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.