Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාවට කඩුලු 8 ක ජයක්

ඉන්දියාවට කඩුලු 8 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2019 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර නැපියර්හිදී පැවැති පළමු එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීය කණ්ඩායම සමත්විය.
 
ඉනිම ආරම්භයේදී ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායම ඕවර 50 කදී ලකුණු 158 ක ඉලක්කයක් හඹාගියද ඕවර 10 ක් අවසානයේ අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය. ස්වල්ප වේලාවකට පසුව ඉන්දීය ඉනිම නැවත ඇරඹුණු අතර එහිදී ඔවුන්ට ඕවර 49 කදී ලකුණු 156 ක ඉලක්කයක් හිමිවිය.
 
අලුතින් හිමිවූ ලකුණු 156 ක ඉලක්කය හඹාගිය ඉන්දීය පිතිකරුවෝ ඕවර 34.5 කදී කඩුලු 2 ක් පමණක් දැවී පහසුවෙන් තරගය ජයගැනීමට සමත්වූහ.
 
ඉන්දීය පළමු කඩුල්ල ලෙස රෝහිත් ශර්මා ලකුණු 11 කට දැවී ගියද දෙවැනි කඩුල්ල සඳහා එක්වූ ශීකර් ධවාන් සහ විරාට් කෝලී පන්දු 116 කදී ලකුණු 91 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
 
අර්ධ ශතකයට ලකුණු 5 ක් මෙපිටින් ලොකී ෆර්ගියුෂන්ගේ පන්දුවක් හමුවේ ටොම් ලතාම් අතට උඩපන්දුවක් දෙමින් විරාට් කෝලී දැවී ගියේය. දැවීයන විට පන්දු 59 කට මුහුණදී සිටි කෝලීගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.
 
ආරම්භක පිතිකරු ශීකර් ධවාන් නොදැවී ලකුණු 75 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්විය. හතරේ පහර 6 ක් සිය ඉනිමට එක්කරගත් ධවාන් පන්දු 103 කට මුහුණ දුන්නේය.
 
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට ඕවර 38 කදි සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 157 ක් පමණි.
 
සෙසු පිතිකරුවෝ අසාර්ථක වනවිටදී නායක කේන් විලියම්සන් හුදකලා සටනක නිරතවෙමින් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්විය. පන්දු 81 කට මුහුණදුන් විලියම්සන්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.
 
තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ලබාගත් මොහොමඞ් ශාමී ඕවර 6 ක් යවමින් නිලකුණු ඕවර 2 ක් සමගින් ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය. කුල්දීප් යාදව් සිය ඕවර 10 එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 39 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගත් අතර යුස්වේන්ද්‍ර චහල් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
නවසීලන්තය - ඕවර 38 කදී සියලුදෙනා දැවී 157
(කේන් විලියම්සන් 64, රොස් ටේලර් 24, කුල්දීප් යාදව් 39/4, මොහොමඞ් ශාමී 19/3, යුස්වේන්ද්‍ර චහල් 43/2)
 
ඉන්දියාව - ඕවර 34.5 කදී කඩුලු 2 ක් දැවී 156
(ශීකර් ධවාන් නොදැවී 75, විරාට් කෝලී 45)

අදහස් (0)

ඉන්දියාවට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.