Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානුවෝ 4-1 කින් නවසීලන්තය පරදවති

ඉන්දියානුවෝ 4-1 කින් නවසීලන්තය පරදවති

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව වෙලින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි එක්දින තරගයෙන් ලකුණු 35 ක ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 4-1 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ලකුණු 253 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම ඕවර 44.1 ක් අවසානයේ ලකුණු 217 කට සීමා කිරීමට යුස්වේන්ද්‍ර චාහල් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ චාහල් ලකුණු 41 කට කඩුලු 3 ක් දවාගත් අතර නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත හසුරා දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මොහොමඞ් ෂාමි සහ හර්දීක් පාණ්ඩ්‍යා කඩුලු 2 බැගින් දවාගත්හ.  

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජේම්ස් නීෂම් පන්දු 32 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 44 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගලවාගත නොහැකි විය. නායක කේන් විලියම්සන් හතරේ පහර 3 ක් සමග ලකුණු 39 ක්ද, ටොම් ලේතම් හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක්ද ලබා සිටියදී දැවී ගියහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 18 ක් තුළ බිඳ දැමීමට මැට් හෙන්රි සහ ටේ්‍රන්ට් බෝල්ට් සමත් වූහ. ඉන් අනතුරුව විජේ ශංකර් (45) සමග එක්වූ අම්බටි රයිඩු (90) පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 134 කදී ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය.

ඉන් නොනැවතුන රයිඩු, කේදර් ජාදව් (34) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ස්ථාවර මට්ටමකට ගෙන ආවේය. එහිදී පන්දු 113 කට මුහුණදුන් රයිඩු හයේ පහර 4 කින් සහ හතරේ පහර 8 කින් සිය අර්ධ ශතකය අලංකාර කළේය.

ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 22 කට මුහුණදුන් හර්දික් පාණ්ඩ්‍යා හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග වේගවත් ලකුණු 45 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාව දක්වා ඔසවා තැබීය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මැට් හෙන්රි ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගත් අතර ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 39 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ඉන්දියාව - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 252
(අම්බටි රයිඩු 90, විජේ ශංකර් 45, කේදර් ජාදව් 34, හර්දික් පාණ්ඩ්‍යා 45, මැට් හෙන්රි 35/4, ටේ‍රන්ට් බෝල්ට් 39/3)

නවසීලන්තය - ඕවර 44.1 කදී සියලු දෙනා දැවී 217
(කොලින් මුන්රෝ 24, කේන් විලියම්සන් 39, ටොම් ලේතම් 37, ජේම්ස් නීෂම් 44, මිචෙල් සෑන්ට්නර් 22, යුස්වේන්ද්‍ර චාහල් 41/3, මොහොමඞ් ෂාමි 35/2, හර්දීක් පාණඩ්‍යා 50/2)


-036

 


අදහස් (0)

ඉන්දියානුවෝ 4-1 කින් නවසීලන්තය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.