Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව අපරාජිතව අවසන් තරගයට

ඉන්දියාව අපරාජිතව අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

 

 


බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී තමන් සතු අපරාජිත වාර්තාව ආරක්‍ෂා කරගත් ඉන්දියානුවෝ අද (4 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී දකුණු අපි‍්‍රකානු පිල කඩුලූ 6 කින් පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. පළමු වටයේදී තරග සියල්ලම පහසුවෙන් ජයගැනීමට ඉන්දියාව සමත් විය.

 ඕවර 19.5 කදී ලකුණු 176 ක් ලබාගනිමින් අත්කරගත් මෙම ජයග‍්‍රහණයත් සමගින් ශී‍්‍ර ලංකා පිලට එරෙහිව අනිද්දා (6 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයට ඉන්දීය පිල අවස්ථාව උදාකරගත්තේය. ඉන්දීය පිල විස්සයි:20 ලෝක කුසලාන අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලබාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර ශී‍්‍ර ලංකා පිල වි:20 ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබාගත් තුන්වැනි අවස්ථාව මෙයයි.

අද පැවති තරගයේදී ඉන්දීය පිල වෙනුවෙන් අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ විරාට් කෝලි පන්දු 44 කදී නොදැවී ලකුණු 72 ක් ලබාගනිමින් තම පිල අවසන් තරගය කරා කැඳවාගෙන ගියේය. කෝලිගේ එම ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය.

දකුණු අපි‍්‍රකානු පිල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක ෆෆ් ඩු ප්ලෙසී, පන්දු 41 කට මුහුණ දෙමින් ලකුණු 58 ක් ලබාගත් අතර ජේ. පී. ඩුමිනි සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සම්බන්ධතාවක්ද ගොඩනැංවීය.

නායකයා දැවී යාමෙන් පසුව ලකුණු වේගය වැඩිකළ ඩුමිනි පන්දු 40 කට මුහුණ දෙමින් ලකුණු 45 ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර 3 කින්  සහ හතරේ පහරකින් නරඹන්නන් පිනවමිනි. ප‍්‍රහාරාත්මක පිතිකරුවකු වන ඬේවිඞ් මිලර් පන්දු 12 කට පමණක් මුහුණ දෙමින් ලකුණු 23 ක් ලබාගත්තේය.

පිතිකරුවන් තම පිල වෙනුවෙන් සාධාරණය ඉටු කළ නමුත් පන්දු යවන්නන්ගේ ඉලක්කයකින් තොර පන්දු යැවීම නිසා දකුණු අපි‍්‍රකාවට නැවත වතාවක් ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව ගිළිහී ගියේය.

දකුණු අපි‍්‍රකාව  ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී 172
(හෂිම් අම්ලා 22, ෆෆ් ඩු ප්ලෙසි 58, ජේ. පී. ඩුමිනි නොදැවී 45, එ්. බී. ඩිවිලියර්ස් 10, ඬේවිඞ් මිලර් නොදැවී 23, රවිචන්ද්‍රන් අශ්වින් 22/3)

ඉන්දියාව  ඕවර 19.1 ක දී කඩුලූ 4 ක් දැවී 176 යි.
(රෝහිත් ෂර්මා 24, අජින්ක්‍යා රහනේ 32, විරාට් කෝලි නොදැවී 72, යුවරාජ් සිං 18, සුරේෂ් රයිනා 21, බියුරන් හෙන්රිකස් 31/2)

 

ලකුණු පුවරුව


අදහස් (4)

ඉන්දියාව අපරාජිතව අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.