Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාව 1-0 ක් ලෙස පෙරමුණ ගනී

ඉන්දියාව 1-0 ක් ලෙස පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A


එංගලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ලකුණු 95 ක ජයක් අත්කරගත් ඉන්දීය කි‍්‍රඩකයෝ දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 319 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිලට, තරගයේ අවසන් දිනය වූ අද (21 වැනිදා) දිවා ආහාරයෙන් අනතුරුව  ඕවර 12 ක් නිමාවන විට සියලූ දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 222 ක් පමණි.

එංගලන්ත පළමු ඉනිමේදී එක් කඩුල්ලක් හෝ දවාගත නොහැකිවූ ඉෂාන්ත් ශර්මා, දෙවැනි ඉනිමේදී ලකුණු 74 කට කඩුලූ 7 ක් දවාගනිමින් ඉන්දීය පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

ලකුණු 24 ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දීය පිල, සියලූ දෙනා දැවී ලකුණු 342 ක් රැස්කරමින් එංගලන්ත පිලට ලකුණු 319 ක ඉලක්කයක් පිරිනැමීය.

එහිදී මුරලි විජේ (95), රවින්ද්‍ර ජදේජා (68), බුවනේෂ්වර් කුමාර් (52) අර්ධ ශතක රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළට ඔසවා තැබූහ.

එංගලන්ත පළමු ඉනිම ලකුණු 319 ක සීමාවූ අතර එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ගැරී බැලන්ස් හතරේ පහර 15 ක් සමගින් සිය දෙවැනි ටෙස්ට් ශතකය (ලකුණු 110) රැස්කළේය.

බැලන්සගේ දැවීයෑමෙන් පසුව එංගලන්ත පිල වෙනුවෙන් ලකුණු අතරට පිවිසි එකම පිතකරුවා වූ ලියෑම් ප්ලන්කට් (ලකුණු 55), මැට් ප‍්‍රයර් (ලකුණු 23) සමග එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩ නගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ බුවනේෂ්වර් කුමාර්, ලකුණු 82 කට කඩුලූ 6 ක් දවාගනිමින් එංගලන්ත පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමීමට සමත්විය.

කාසියේ වාසිය දිනූ එංගලන්ත පිලේ නායක ඇලෙස්ටෙයාර් කුක්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූදෙනා දැවී ලකුණු 295 ක් ලබාගත්තේය. ඉන්දීය පිල වෙනුවෙන් හුදෙකලා ඉනිමක් කී‍්‍රඩා කළ අජන්ක්‍යා රහනේ, හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමගින් ලකුණු 103 ක් රැස්කිරීමට සමත්විය.


ලකුණු 55 කට ඉන්දීය පිලේ ප‍්‍රබල පිතිකරුවන් සිව්දෙනෙකුම ආපසු කි‍්‍රඩාගාරයට හරවා යැවීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත්විය.


ඉන්දියාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 295
(මුරලි විජේ 24, චෙතේෂ්වර් පුජාරා 28, විරාත් කෝලි 25, අජන්ක්‍යා රහනේ 103, බුවනේෂ්වර් කුමාර් 36, මොහොමඞ් සාමි 19, ජේම්ස් ඇන්ඩර්සන් 60/4, බෙන් ස්ටෝර්ක්ස් 40/2, ස්ටුවර්ට් බෝ ඕ 79/2)

එංගලන්තය පළමු ඉනිම - සියලූ දෙනා දැවී 319
(සැම් රොබ්සන් 17, ගැරී බැලන්ස් 110, ඉයන් බෙල් 16, මොයින් අලී 32, ලියෑම් ප්ලන්කට් 55, මැට් ප‍්‍රයර් 23, ජේම්ස් ඇන්ඩර්සන් 19, බුවනේෂ්වර් කුමාර් 82/6, රවින්ද්‍ර ජදේජා 46/2)

ඉන්දියාව දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 342
(මුරලි විජේ 95, ශිකර් ධාවාන් 31, චෙතේෂ්වර් පුජාරා 43, මහේන්ද්‍ර සිං දෝනි 19, රවින්ද්‍ර ජදේජා 68, බුවනේෂ්වර් කුමාර් 52, බෙන් ස්ටෝර්ක්ස් 51/3, ලියෑම් ප්ලන්කට් 65/3, මොයින් අලී 28/2)

එංගලන්තය දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 223
(ඇලෙස්ටෙයාර් කුක් 22, ගැරී බැලන්ස් 27, ජෝ රූට් 66, මොයින් අලි 39, ඉෂාන්ත් ශර්මා 73/7)


- 036


අදහස් (2)

ඉන්දියාව 1-0 ක් ලෙස පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.