Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දික - නවීන් සටනකින් තොරවම දිනති

ඉන්දික - නවීන් සටනකින් තොරවම දිනති

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇඹිලිපිටිය, තුංකම යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී සිව්වැනි වතාවටත් පැවති  ‘සැපර්ස් 4X4 ජිම්පෝ’ සිවු සක (ෆෝ වීල්) අභියෝග මෝටර් රථ තරගාවලියේ ‘අත්‍යන්ත’ (එක්ස්ටී‍්‍රම්) අංශයේ සමස්ත ශූරතාව දිනාගැනීමට ඉන්දික සංජය සහ ඔහුගේ සහයක රියැදුරු නවීන් මාරපන සමත්වූහ.

පළමුවෙන්ම බාධක සහිත මාර්ගවල ගමන් කිරීම සහ කඳු තරණය නිමාකළ ඉන්දික සංජය සහ නවීන් මාරපන, අනතුරුව වැලි සහිත දුර්ගය තුළින් සහ ඉංග‍්‍රීසි ‘වී’ අකුරේ හැඩයට ඇති මාර්ගයෙන්ද පහසුවෙන් ගමන් ගනිමින් අත්‍යන්ත අංශයේ අවසන් අදියරට පැමිණියහ. එහිදී හමුවූ ජල තරණය සහ ගල් කඳු තරණයද අනෙක් තරගකරුවන්ට වඩා අඩු කාලයකින් නිමා කරමින් ඔවුහු තරගාවලියේ සමස්ත ශූරතාවට හිමිකම් කීහ.

ඉන්දික සංජය සහ නවීන් මාරපනට ඉතා හොඳ තරගයක් ලබාදුන් ශිහාර තිළිණ සහ ඔහුගේ සහයක රියදුරු තුසිත ශී‍්‍ර කුමාර, ‘අත්‍යන්ත’ අංශයේ සමස්ත අනුශූරතාවට හිමිකර ගැනීමට සමත්වූහ.

සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි මෝටර් රථ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට  ඕස්ටේ‍්‍රලියානු ජාතික රසල් බි‍්‍රන්ස්මීඞ් සමත්විය. වෝනර්  ඕර්ලෝෆ් ඔහුගේ සහයක රියැදුරු ලෙස කටයතු කළේය.

රියාද් රෆායි (රියැදුරු) සහ නයිජල් වීරපෙරුමාල් (සහයක රියැදුරු), ‘සාමාන්‍ය’ (ස්ටෑන්ඩ්) අංශයේ සාමාන්‍ය මෝටර් රථ කාණ්ඩයේ ශූරතාව දිනාගත් අතර බුද්ධි ගුණසේකර (රියැදුරු) සහ කුමුදිකා ගුණසේකර (සහයක රියැදුරු), එම අංශයේම සාමාන්‍ය සහ නවීකරණය කරන ලද මෝටර් රථ කාණ්ඩයේ ශූරතාව දිනාගත්හ.

මෙහි ‘අත්‍යන්ත’ අංශයේ තරග සඳහා කණ්ඩායම් 19 ක්ද, සාමාන්‍ය අංශයේ තරග සඳහා කණ්ඩායම් 14 ක්ද සහභාගී වූහ.

තුංකම යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේ 4ං4 ධාවන පථය ආසන්නයේ අලූතින් ඉදිකරන ලද මොටෝක්‍රොස් ධාවන පථයක මෙම තරගාවලියට සමගාමීව මොටෝක්‍රොස් යතුරුපැදි තරග 3 ක්ද පැවැත්විණ.

යුද හමුදාව නියෝජන කරන යතුරුපැදි ධාවකයන් පමණක් මෙම තරග 3 සඳහා සහභාගී වූ අතර යුද හමුදාවේ විජයබා රෙජිමේන්තුව නියෝජනය කරන සමීර පේ‍්‍රමරත්න ඉන් තරග 2 ක්ම ඉතා පහසුවෙන් ජයගනිමින් නරඹන්නන් කුල්මත් කිරීමට සමත්විය. අනෙක් යතුරුපැදි තරගයේ ජය රුවන් මධුරංගට හිමිවිය.

යුද හමුදා ඉංජිනේරු බලකාය සහ ‘ෆෝ වීල් රියදුරු සංගමය’ එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා සහභාගී විය.

‘අත්‍යන්ත’ (එක්ස්ටී‍්‍රම්) අංශයේ තරග ප‍්‍රතිඵල

සමස්ථ ශූරතාව

  1. ඉන්දික සංජය (රියැදුරු) සහ නවීන් මාරපන (සහයක රියැදුරු)
  2. ශිහාර තිළිණ (රියැදුරු) සහ තුසිත ශී‍්‍ර කුමාර (සහයක රියැදුරු)
  3. වජිර කුමාර (රියැදුරු) සහ තාරක (සහයක රියැදුරු)

සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි

  1. රසල් බි‍්‍රන්ස්මීඞ් (රියැදුරු) සහ වෝනර්  ඕර්ලෝෆ් (සහයක රියැදුරු) -  ඕස්ටේ‍්‍රලියාව
  2. චමින්ද දරිජු (රියැදුරු) සහ දිමුතු ප‍්‍රනාන්දු (සහයක රියැදුරු)
  3. සෑම් චන්ද්‍රසෝම (රියැදුරු) සහ සමන් කරණ්නාගොඩ (සහයක රියැදුරු)

සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු

  1. ඉන්දික සංජය (රියැදුරු) සහ නවීන් මාරපන (සහයක රියැදුරු)
  2. ශිහාර තිළිණ (රියැදුරු) සහ තුසිත ශී‍්‍ර කුමාර (සහයක රියැදුරු)
  3. වජිර කුමාර (රියැදුරු) සහ තාරක (සහයක රියැදුරු)

‘සාමාන්‍ය’ (ස්ටැන්ඩ්) අංශයේ තරග ප‍්‍රතිඵල

සාමාන්‍ය මොටර් රථ

  1. රියාද් රෆායි (රියැදුරු) සහ නයිජල් වීරපෙරුමාල් (සහයක රියැදුරු)
  2. ඉසුරු අරඹේවල (රියැදුරු) සහ සංජීව පෙරේරා (සහයක රියැදුරු)
  3. ආනන්ද නානායක්කාර (රියැදුරු) සහ අසේල සේනාරත්න (සහයක රියැදුරු)

සාමාණ්‍ය සහ නවීකරණය කරන ලද මෝටර් රථ

  1. බුද්ධි ගුණසේකර (රියැදුරු) සහ කුමුදිකා ගුණසේකර (සහයක රියැදුරු)
  2. ශෙනාල් රත්නායක (රියැදුරු) සහ විරාන් කති‍්‍රආරච්චි (සහයක රියැදුරු)
  3. එච්. වී. එච්. රොහාන් (රියැදුරු) සහ දිල්ෂාන් බණ්ඩාර (සහයක රියැදුරු)

යතුරුපැදි තරග ප‍්‍රතිඵල

එම්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්)

  1. රුවන් මධුරංග
  2. රංජිත් සමරවීර
  3. සමන් මුතුකුමාර

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය

  1. සමීර පේ‍්‍රමරත්න
  2. නාමල් කුමාර
  3. තිළිණ බණ්ඩාර

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය

  1. සමීර පේ‍්‍රමරත්න
  2. නාමල් කුමාර
  3. සම්පත් අතපත්තු

තවත් සේයා රූ මෙතනින්

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

ඉන්දික - නවීන් සටනකින් තොරවම දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.