Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාවට කඩුලූ 6 ක ජයක්

ඉන්දියාවට කඩුලූ 6 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අහමදාබාද්හිදී සාර්දාර් පටෙල් ක‍්‍රීඩාංගණයේදී අද (06) පැවැති දෙවැනි තරගයෙන් ඉන්දීය ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක ජයක් ලැබීමට සමත් වූහ. මෙම ජයත් සමගින් ඉන්දියාව මේ වන විට 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසු වෙයි.

ඉන්දීය පිල ලකුණු 275 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 44.3 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

අම්බාටි රයිදු ලකුණු පන්දු 118 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 121 ක් රැස්කළ අතර මෙය 29 හැවිරිදි රයිදුගේ පළමු එක්දින ශතකය වේ. රයිදු සහ විරාට් කෝලි (49) තෙවැනි කඩුල්ලට ලකුණු 116 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

ඉන්දීය පිල ලකුණු 176 ක් ලබා සිටියදී 34 වැනි  ඕවරයේදී දෙවැනි අධිවේගි  ඕවර පහ ආරම්භ කළ අතර එහිදී ලකුණු 55 ක් රැුස් කළේය. ශීකර් දාවන් පන්දු 80 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 79 ක් ලබා දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.  

ශීකර් දාවන් සහ අම්බාටි රයිදු දෙවැනි කඩුල්ලට පන්දු 121 කදී ලකුණු 122 ක සම්බන්ධතාවක් පවත්වමින් ඉන්දියාව ජයග‍්‍රාහි මාවතට ගෙන ආහ.

ශීකර් දාවන් ලකුණු 10 ක් ලබා සිටියදී ළහිරු ගමගේ යැවූ ඉනිමේ අටවැනි  ඕවරයේ පළමු පන්දුවේදී කඩුලූ රකින කුමාර් සංගක්කාර උඩ පන්දුවක් රැකගත්තද  ඕස්ටේ‍්‍රලියානු ජාතික විනිසුරු බෲස් ඔක්සන්ෆර්ඞ් මහතාගේ නිගමනය වූයේ එය දැවී යාමක් නොවන බවයි. එම තීරණය ශී‍්‍ර ලංකා පිලේ දැඩි අවාසියකට හේතු වූයේ එම තීරණය නිවැරදිව ලැබුණා නම්  ඕවර 8 ක් අවසානයේදී මුලූ ලකුණු සංඛ්‍යාව 20 ක් වන විට කඩුලූ 2 ක් දවාගැනීමෙන් ඉන්දීය පිල පීඩනයට ලක් කිරීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට අවස්ථාව තිබූ හෙයිනි.

ධම්මික ප‍්‍රසාද් ක‍්‍රියාත්මක වෙමින් පළමු කඩුල්ල ලෙස අජින්ක්‍යා රහනේ (08) පළමු කඩුල්ල ලෙස ක‍්‍රීඩාගාරයට පිටත්කර හැරීය. රහනේ දුන් උඩ පන්දුව සංගක්කාරගේ අත් ආවරණවල වැදී පසු පසට යද්දී පළමු ස්ලිප්හි පන්දු රකිමින් සිටි මහේල ජයවර්ධන තනි අතින් විශිෂ්ට ලෙස එම උඩපන්දුව රැකගත්තේය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාකණ්ඩායම  ඕවර 50 දී කඩුලූ 8 ක් දැවී ලකුණු 274 ක් රැස් කිරීමට සමත් විය.

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 101 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 92 ක් ලබා 23 වැනි එක්දින අර්ධ ශතකයෙන් සෑහීමට පත්විය. මේ දක්වා එක්දින තරග 135 කදී ඉනිම 113 කට මුහුණ දී තිබුණත් කණ්ඩායමේ අංක 5 හෝ 6 පිතිකරුවා වශයෙන් පිටියට පිවිසෙන මැතිව්ස් මේ දක්වා එක්දින ශතකයක් රැස්කිරීමට අපොහොසත් වී සිටී.

ඇන්ජලෝ මැතිව්ස් සහ ධම්මික ප‍්‍රසාද් නවවැනි කඩුල්ලට ලකුණු 54 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 274 ක් කරා රැගෙන ඒමට සමත් වූහ. රවින්ද්‍ර ජඬේජා යැවූ ඉනිමේ 40 වැනි  ඕවරයට මැතිව්ස් සහ තිසර ලකුණු 20 ක් (4,4,4,1,6,1) රැස්කරමින් කඩා වැටීමට ගිය ඉනිමට පණ ගෙන දුන්හ.

අෂාන් ප‍්‍රියංජන් (01) 36 වැනි  ඕවරයේ අවසන් පන්දුවේදී දුවද්දී දැවී යෑම ශ්‍රී ලංකා පිලට අවාසිදායක සිද්ධියක් බවට පත්විය.

සංගක්කාර සහ මැතිව්ස් පිටියේ සිටියදී 32 වැනි  ඕවරයේ සිට දෙවැනි අධිවේගි  ඕවර පහ ලබාගැනීමට තීරණය කළහ. කෙසේ වෙතත් ඉහළින් පහරක් ගැසීමට යෑමෙන් සංගක්කාර 33 වැනි  ඕවරයේදී දැවී ගියේය.

සංගක්කාර පන්දු 86 කදී හතරේ පහර 4 ක් සමගින් සිය 87 වැනි එක්දින අර්ධ ශතකය ලෙස ලකුණු 61 ක් රැස් කළේය. සංගක්කාර සහ මැතිව්ස් සිවුවැනි කඩුල්ලට පන්දු 109 කදී ලකුණු 90 ක සම්බන්ධතාවක් පවත්වමින් ශී‍්‍ර ලංකා ඉනිම ශක්තිමත් තත්ත්වයකට රැගෙන ආහ.

ඉන්දීය පන්දු යවන්නන්ට හිස එසවීමට තිබූ අවස්ථා අහුරමින් කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු රැුස් කිරීම කැපී පෙනුණි. මැතිව්ස් ආරම්භයේ සිට පන්දුව ස්ථානගත කරමින් ලකුණු 4.5 කට වඩා වැඩි වේගයක් අඛණ්ඩව රදවා ගැනීමට උත්සුක විය.

මහේල ජයවර්ධන සිය සුපුරුදු ‘ෆ්ලික්’ පහරක් ගැසීමට යෑමෙන් ඞීප් මිඞ්විකට් ස්ථානයේ පන්දු රකිමින් සිටි අම්බාටි රයිදුට පහසු උඩ පන්දුවක් දීමෙන් ලකුණු 4 කට දැවී ගියේය.

තිලකරත්න ඩිල්ෂාන් පන්දු 30 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 35 ක් ලබා සිටියදී වමතින් පා දඟ පන්දු යවන අක්ෂර් පටෙල්ගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

මාස කීපයකට පසුව මෙම තරගයට කැදවීමක් ලැබූ කුසල් පෙරේරා (0) පළමු  ඕවරයේ අවසන් පන්දුවේදීම දැවී ගියේය.  නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ලකුණු පුවරුව

048


අදහස් (6)

ඉන්දියාවට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.