Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (17 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලූ 4 ක් දැවී ලකුණු 311 ක් ලබා සිටියේය.
තරගය නිමා විට නොදැවී කඩුල්ලේ රැුදී සිටි අජින්ක්‍යා රහනේ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 75 ක් ලබා සිටි අතර රෝහිත් ශර්මා හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 26 ලබා සිටියේය.
ආරම්භක පිතිකරු මුරලි විජේ තම පස්වැනි ටෙස්ට් ශතකය (144) රැස්කරමින් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 22 ක් ඇතුළත් විය.
ඉන්දීය පිලේ පළමු කඩුල්ල ලෙස ලකුණු 24 ක් ලබා සිටි ශිකර් ධවාන් පිටියෙන් ඉවත් කිරීමට මිචෙල් මාෂ් සමත් වූ අතර ඉන් පසුව දැවීගිය කඩුලූ 2 ටම (පුජාරා සහ කෝලි) හිමිකම් කීමට ජොෂ් හෙසල්වුඞ් සමත් විය.
කාසියේ වාසිය දිනූ ඉන්දීය පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඉන්දියාව පළමු ඉනිම - කඩුලූ 4 ක් දැවී 311
(මුරලි විජේ 144, ශිකර් ධවාන් 24, චෙතේෂ්වර් පුජාරා, 18, විරාත් කෝලි 19, අජින්ක්‍යා රහනේ නොදැවී 75, රෝහිත් ශර්මා නොදැවී 26, ජොෂ් හෙසල්වුඞ් 44/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.