Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇඹිලිපිටිය, තුංකම යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී පැවති ‘සැපර්ස් 4x4 ජිම්පෝ’ සිව්සක අභියෝග මෝටර් රථ තරගාවලියේ ‘එක්ස්ටී‍්‍රම්’ අංශයේ සමස්ත ශූරතාව දිනාගැනීමට ඉන්දික සංජය සමත්විය. නවීන් මාරපන ඔහුගේ සහයක රියදුරු ලෙස කටයුතු කළේය.
මැලේසියාව නියෝජනය කළ මොහොමඞ් ෆසීල් සහ ඔහුගේ සහයක රියදුරු මොහොමඞ් හනීෆා ‘එක්ස්ටී‍්‍රම්’ අංශයේ සමස්ත අනුශූරතාව හිමිකරගත්හ.
තරගාවලියේ ‘ස්ටෑන්ඩඞ්’ අංශයේ සමස්ත ශූරතාව තේමිය අබේවික‍්‍රම දිනාගත් අතර ඔහුගේ සහයක රියදුරු ලෙස අජිත් රත්නායක කටයුතු කළේය.
බාධක සහිත මාර්ගවල ගමන් කිරීම සඳහාම නිපදවා ඇති ජීප් කාණ්ඩයේ මෝටර් රථ සඳහා මෙම තරග පැවැත්වේ. රෝද හතරටම බලය සැපයෙන වාහන පමණක් යොදාගන්නා බැවින් මෙම තරග සිවුසක අභියෝගය ලෙසින් හැඳින්වේ.
යුද හමුදා ඉංජිනේරු බලකාය සහ ‘ෆෝ වීල් රියදුරු සංගමය’ එක්ව තුන් වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය ‘ස්ටෑන්ඩඞ්’ (සාමාන්‍ය) සහ ‘එක්ස්ටී‍්‍රම්’ (උපරිම) යන අංශ 2 යටතේ, සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු සහ සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි ලෙස කාණ්ඩ 2 කින් පැවැත්විණ.
මෙහි ‘එක්ස්ටී‍්‍රම්’ අංශයේ තරග ඉසව්ව කණ්ඩායම් 18 ක සහභාගීත්වයෙන් පැවති අතර ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව සහ මැලේසියාව යන රටවල් නියෝජනය කරමින් සහභාගීවූ කණ්ඩායම් 3 ක්ද ඊට ඇතුළත්විය.
‘ස්ටෑන්ඩඞ්’ අංශයේ තරගකරුවන්ට සිය ධාවන පථය ඔස්සේ රථ පදවාගෙන යද්දී විවිධ බාධක වලට මුහුණදීමට සිදුවූ අතර, ඒවා ප‍්‍රධාන වශයෙන්ම අසම භූමියේ සන්ධි ඇතිවන අයුරින් තනා තිබූ බාධක විය. එමගින් තරග වදින කණ්ඩායම්, ගුරුත්වාකර්ෂණ බලයෙන් එල්ල වන අභියෝගය මැඩපවත්වා ගන්නා අයුරුද පරික්ෂාවට ලක් කෙරිණ.
අවසන් අදියරේදී ‘එක්ස්ටී‍්‍රම්’ අංශයේ ධාවකයිනට v හැඩයට හාරන ලද මංතීරුව, වැලි වලවල් තරණය, ගල් කදු නැඟීම හා ජල බාධකය යන අභියෝග වලට මුහුණදීමට සිදුවිය.
එහි (එක්ස්ටී‍්‍රම් අංශයේ) මූලික අදියර කිහිපයක් තොප්පිගල, පානම සහ කුඩාඔය යන ප‍්‍රදේශ වලදීද දින 10 ක් පුරා පැවති අතර ඒවායින් කී‍්‍රඩකයන් ලබාගත් ලකූණු අවසන් දිනයේ ලබාගත් ලකුණු වලට එකතු කිරීමෙන් සමස්ත ශූරතාව සඳහා ජයග‍්‍රාහකයන් තෝරාගනු ලැබිණ.
ස්විඩිෂ් ටේ‍්‍රඩින් සමාගම විසින් තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දරනු ලැබූ අතර එහි විශේෂ අනුග‍්‍රහය වී. වී. කරුණාරත්න, සෙනොක්, සිංගර්, සියැට්, කැලණි හෝල්ඩිංග්ස්, ඞීමෝ යන සමාගම් සහ ආයතන විසින් දරනු ලැබූහ.
‘එක්ස්ටී‍්‍රම් අංශයේ’ තරග ප‍්‍රතිඵල
සමස්ත ශූරතාව
1 ඉන්දික සංජය (රියදුරු) සහ නවීන් මාරපන (සහයක රියදුරු) - ශ්‍රී ලංකාව
2 මොහොමඞ් ෆසීල් (රියදුරු) සහ මොහොමඞ් හනීෆා (සහයක රියදුරු) - මැලේසියාව
3 සුරේෂ් චතුරංග (රියදුරු) සහ රවින්ද්‍ර සංජීව (සහයක රියදුරු) - ශ්‍රී ලංකාව
සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි ශූරතාව
සෑම් චන්ද්‍රසෝම (රියදුරු) සහ සමන් කරන්නාගොඩ (සහයක රියදුරු) - ශ්‍රී ලංකාව
සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු ශූරතාව
ඉන්දික සංජය (රියදුරු) සහ නවීන් මාරපන (සහයක රියදුරු) - ශ්‍රී ලංකාව
‘ස්ටෑන්ඩඞ්’ අංශයේ තරග ප‍්‍රතිඵල
සමස්ථ ශූරතාව
1 තේමිය අබේවික‍්‍රම (රියදුරු) සහ අජිත් රත්නායක (සහයක රියදුරු) - ශ්‍රී ලංකාව
2 දමිත් ද සිල්වා (රියදුරු) සහ ජනිත් ද සිල්වා (සහයක රියදුරු) - ශ්‍රී ලංකාව
3 සෑම් සමරසිංහ (රියදුරු) සහ කිරාන් හමීඞ් (සහයක රියදුරු) - ශ්‍රී ලංකාව
සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි ශූරතාව
තේමිය අබේවික‍්‍රම (රියදුරු) සහ අජිත් රත්නායක (සහයක රියදුරු) - ශ්‍රී ලංකාව
සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු ශූරතාව
දමිත් ද සිල්වා (රියදුරු) සහ ජනිත් ද සිල්වා (සහයක රියදුරු) - ශ්‍රී ලංකාව
ඡායාරෑප - ජයමාල් චන්ද්‍රසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.