Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දික - නවීන් අත්‍යන්ත තරගය ජයගනිති

ඉන්දික - නවීන් අත්‍යන්ත තරගය ජයගනිති

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවරඑළිය, ග්‍රෙගරි වැව අසළදී පැවති සිව්සක අභියෝග (4X4) ජීප් රථ තරගාවලියේ අත්‍යන්ත (එක්ස්ටී‍්‍රම්) අංශයේ ශූරතාව දිනාගැනීමට ලකුණු 282 ක් ලබාගත් ඉන්දික සංජය සහ ඔහුගේ සහයක රියැදුරු නවීන් මාරපන සමත් වූහ.

අදියර තුනකින් සමන්විත වූ අත්‍යන්ත තරගය නිමා කිරීමේදී ඉන්දිකට සහ නවීන්ට අහිමි වූයේ ලකුණු 18 ක් පමණි. දෙවැනි සහ තෙවැනි අදියර වලදී ලකුණක් පමණක් අහිමිකරගනිමින් තරගය අවසන් කළ ඔවුන් දෙදෙනාට ඉතිරි ලකුණු 16 ම අහිමිවූයේ පළමු අදියර නිමා කිරීමේදීය.

අත්‍යන්ත අංශයේ දෙවැනි ස්ථානය ලකුණු 268 ක් ලබාගත් දමිත් නිශ්සංකට සහ ඔහුගේ සහයක රියැදුරු චරිත් මධුසංකට හිමිවූ අතර ඔවුන්ට අදියර තුනේදී පිළිවෙළින් ලකුණු 4 ක්, 17 ක්, සහ 11 ක් බැගින් අහිමි විය.

එහි තෙවැනි ස්ථානය අත්කර ගැනීමට ලකුණු 251 ක් ලබාගත් ශිහාර තිළිණ සහ ඔහුගේ සහයක රියැදුරු තුසිත ශී‍්‍රකුමාර සමත් වූහ. අදියර 3 අවසන් කිරීමේදී ඔවුන්ට පිළිවෙළින් ලකුණු 16 ක්, 17 ක්, සහ 16 ක් බැගින් අහිමි විය.

තරගාවලියේ නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්) අංශයේ ශූරතාව දිනාගැනීමට චමෝද් ශනිලක සහ ඔහුගේ සහයක රියැදුරු පසන් මධුර සමත් වූ අතර විනාඩි 3 යි තත්ත්පර 32 කින් තරගය නිමා කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

විනාඩි 2 යි තත්ත්පර 45 කින් තරගය නිමා කළ පාලිත කොස්වත්ත සහ ඔහුගේ සහයක රියැදුරු මුදිත දෙහිගොල්ල, සාමාන්‍ය නවීකරණය කිරීම් (ස්ටෑන්ඩඞ් මොඩිෆයිඞ්) අංශයේ ශූරතාව දිනාගැනීමට සමත් වූහ.

නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්) අංශයේ කාන්තා ශූරතාව දිනාගැනීමට ශ‍්‍රීමලී විජේරත්න සමත් වූ අතර ඇයගේ සහයක රියැදුරුවරිය ලෙස හස්නි රත්නායක කටයුතු කළාය.  

නුවරඑළිය 4X4 කී‍්‍රඩා සමාජය, නුවරඑළිය නගර සභාව සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 50 ක් පමණ සහභාගී වූහ.

 

තරග ප‍්‍රතිඵල

අත්‍යන්ත (එක්ස්ටී‍්‍රම්)

1 ඉන්දික සංජය (රියැදුරු) සහ නවීන් මාරපන (සහයක රියැදුරු) - ලකුණු 282
2 දමිත් නිශ්ෂංක (රියැදුරු) සහ චරිත් මධුසංක (සහයක රියැදුරු) - ලකුණු 268  
3 ශිහාර තිළිණ (රියැදුරු) සහ තුසිත ශී‍්‍රකුමාර (සහයක රියැදුරු) - ලකුණු 251  


සාමාන්‍ය නවීකරණය කිරීම් (ස්ටෑන්ඩඞ් මොඩිෆයිඞ්)

1 පාලිත කොස්වත්ත (රියැදුරු) සහ මුදිත දෙහිගොල්ල (සහයක රියැදුරු) - විනාඩි 2:45.28   
2 සුමින්ද ලියනගේ (රියැදුරු) සහ පැතුම් ඉන්දික (සහයක රියැදුරු) - විනාඩි 2:48.04   
3 ඉසුරු අරඹවෙල (රියැදුරු) සහ පියල් සඳකැළුම් (සහයක රියැදුරු) - විනාඩි 2:48.29   

 


නවීකරණය නොකළ (ස්ටෑන්ඩඞ්)


පිරිමි

1 චමෝද් ශනිලක (රියැදුරු) සහ පසන් මදුර (සහයක රියැදුරු) - විනාඩි 3:32.53
2 ප‍්‍රියාන් පෙරේරා (රියැදුරු) සහ එම්. සනෙහිආරච්චි (සහයක රියැදුරු) - විනාඩි 3:37.38
3 එල්. සී. ලියනගේ (රියැදුරු) සහ ජනුක හෙට්ටිආරච්චි (සහයක රියැදුරු) - විනාඩි 3:57.62


කාන්තා

1 ශ‍්‍රීමලී විජේරත්න (රියැදුරුවරිය) සහ හස්නි රත්නායක (සහයක රියැදුරුවරිය)  - විනාඩි 4:29.06
2 ජේ. කොළඹතන්ති‍්‍රගේ (රියැදුරුවරිය) සහ නෆ්ලියා ඉෂ්රාක් (සහයක රියැදුරුවරිය) - විනාඩි 5:09.39  
3 ඉෂාරා අනුරංගි (රියැදුරුවරිය) සහ ඉන්දික සංජය (සහයක රියැදුරු) - විනාඩි 5:55.25  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

‘සිව්සක අභියෝග’ (4X4) ජීප් රථ තරගාවලියේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

ඉන්දික - නවීන් අත්‍යන්ත තරගය ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.