Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ බුබනේෂ්වර්හි කාලිංග ක්‍රීඩාංගනයේ පැවති 22 ආසියානු ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ වැඩි පදක්කම් ප්‍රමාණයක් දිනා ගැනීමට ඉන්දියාව සමත් විය.
රටවල් 45 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කගේ සහභාගිත්වයෙන් පැවති මෙම තරගාවලියේ රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 5ක් හා ලෝකඩ පදක්කම් 12 ඇතුළු පදක්කම් 29ක් දිනා ගනිමින් සත්කාරක ඉන්දියාව පෙරමුණ ගත්තේය.
චීනය රන් පදක්කම් 8ක්, රිදී පදක්කම් 7ක් හා ලෝකඩ පදක්කම් 5 ඇතුළු සමස්ත පදක්කම් 20 ක් දිනා ගනිමින් දෙවන ස්ථානයට පත්ව ඇත.
මංජුල විජේසේකරගේ නායකත්වයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනෙකු සහභාගී වූ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 9 වන ස්ථානයේ පසුවන්නේ රන් පදක්කමක් සහ රිදී පදක්කම් 4ක් ඇතුළු පදක්කම් 5ක් දිනා ගනිමිනි.
8 කට පසුව ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියකදී රන් පක්කමක් දිනා ගැනීමට නිමාලි ලියනාරච්චි සමත් වූවාය. ඒ මීටර් 800 තරග ඉසව්වෙන් ජය ලබමිනි.
ගයන්තිකා අබේරත්න එම ඉසව්වේම රිදී පදක්කම දිනා ගත්තාය. මීටර් 200 ඉසව්වෙන් රුමේෂිකා රත්නායක සහ හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් නදීෂා දිල්හානි ලේකම්ගේ රිදී පදක්කම් දිනාගත් අතර මීටර් 400X4 සහය දිවීම පිරිමි ඉසව්වෙන් ද රිදී පදක්කමක් හිමි කර ගැනීමට ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
පසුගිය ආසියානු මලල ක්‍රීඩා තරග වලදී ඉදිරියෙන් සිටි ජපානයට මෙම තරගාවලියේ 16 වැනි ස්ථානය හිමිවීම විශේෂ විය. ජපානයට ලබාගත හැකි වූයේ රිදී පදක්කම් 5ක් හා ලෝකඩ පදක්කම් 9ක් ඇතුළු පදක්කම් 14ක් පමණි.
රට | රන් | රිදී | ලෝකඩ | එකතුව | |
1 | ඉන්දියාව | 12 | 5 | 12 | 29 |
2 | චීනය | 8 | 7 | 5 | 20 |
3 | කසකස්ථානය | 4 | 2 | 2 | 8 |
4 | ඉරානය | 4 | 0 | 1 | 5 |
5 | වියට්නාමය | 2 | 2 | 0 | 4 |
6 | කොරියාව | 2 | 1 | 1 | 4 |
7 | ක්වේට් | 2 | 1 | 0 | 3 |
8 | කිර්ගිස්ථානය | 2 | 0 | 1 | 3 |
9 | ශ්‍රී ලංකාව | 1 | 4 | 0 | 5 |
10 | තායිලන්තතය | 1 | 2 | 2 | 5 |
11 | පිලිපීනය | 1 | 1 | 1 | 3 |
11 | චීන තායිපේ | 1 | 1 | 1 | 3 |
13 | ටජිකිස්ථානය | 1 | 0 | 0 | 1 |
13 | උස්බෙකිස්ථානය | 1 | 0 | 0 | 1 |
15 | කටාර් | 0 | 6 | 1 | 7 |
16 | ජපානය | 0 | 5 | 9 | 14 |
17 | හොං කොං , චීනය | 0 | 2 | 1 | 3 |
18 | එක්සත් අරාබි එමීර් රාජ්‍යය | 0 | 1 | 0 | 1 |
18 | මැලේසියාව | 0 | 1 | 0 | 1 |
19 | දකුණු කොරියාව | 0 | 1 | 0 | 1 |
20 | සවුදි අරාබිය | 0 | 0 | 3 | 3 |
21 | සිරියාව | 0 | 0 | 1 | 1 |
21 | ඕමානය | 0 | 0 | 1 | 1 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.